මැරතන් තරගය ජයගත් දැරියට උපහාර

214

2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ නෙස්ලේ සමස්ත ලංකා අර්ධ මැරතන් (20න් පහල කාන්තා) කිලෝමීටර් 21 තරගයේ ප්‍රථම ස්ථානය දිනූ පේෂලිකා මධුවන්ති ඇගේ පාසලේ දී පසුගියදා ඇගයීමට ලක්විණි. මතුගම පාන්තිය මහා විද්‍යාල ජාතික පාසලේ අධ්‍යාපනය ලබනා පේෂලිකා මධුවන්ති පෙරේරා සිසුවිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වූ 47 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ නෙස්ලේ සමස්ත ලංකා අර්ධ කිලෝමීටර් 21 මැරතන් තරගයේ (20න් පහල කාන්තා ) ප්‍රථම ස්ථානය දිනා ගැනණි .

පසුගියදා ඇගේ ජයග්‍රහණය ඇගයීමට ලක්කරමින් මහත්හරසරින් ඇය පෙරහරින් පාසලට කැඳවා ගෙනැවිත් ඇයගේ ජයග්‍රහණය ඇගයීමට ලක්කළේ අනිකුත් සිසු ප්‍රජාවද දිරිමත් කරමිනි.

එහිදී අදහස් දැක්වූ විදුහල්පති ඩී.එස්.කේ. වික්‍රමනායක මහතා පැවසුවේ පේෂලිකා මධුවන්ති සිසුවිය අසීරුතා අගහිඟකම් රැසක් මධ්‍යයේ දැඩි කැපවීම හා ධෛර්යය මතින් ලබාගත් ජයග්‍රහණය අගයන අතරම අනිකුත් සිසුන්ට ද එය සුවිශේෂී පුර්වාදර්ශයක් බවය.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment