මැරතන් දිවූ අයියාගේ සහායට ගිය මල්ලී මියයයි

259


අවුරුදු උත්සවයක මැරතන් තරඟයට සහභාගී වී සිටි සිය වැඩිමහල් සහෝදරයාට, සහයෝගය ලබා දීම සඳහා සහෝදරයා සමග දිව ගිය දස හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පලාගල මහා විද්‍යාලයේ 5 ශේණියේ ඉගෙනුම ලැබූ කුමාර ගුණතිලකගේ ධනුක ලක්ෂාන් ගුණතිලක නැමැති දස හැවිරිදි හැවරදි සිසුවෙකි.

ඊයේ ගල්කිරියාගම පොලිස් වසමට අයත් පලාගල, කුඩා හෙට්ටියාව ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක කිලෝමීටර් 3ක් පමණ දුරැති, මැරතන් තරඟයට සහභාගි වී සිටි තම වැඩිමහල් සහෝදරයාට සහාය වෙමින් ඔහු පසු පසින් දිව යමින් සිටියදී මෙම දස හැවිරිදි සිසුවා අසනීප වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව දරුවා කලා වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී කැකිරාව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment