මැරෙන්න කලින් ඉඩමේ හිමිකම් පත්‍රය ඉල්ලා පදලංගල ජනපදයේ පළමු පුරවැසි අවුරුදු 101 ගොවි මාතාව මාරාන්තික උපවාසයේ

371

1958 වසරේ චන්ද්‍රිකා ජලාශය ආරම්භ වීමත් සම`ග ඇති වූ පදලංගල ජනපදයේ තෝරගල පළමු පුරවැසියා වන්නේ අංක 677 තෝරගල, පදලංගල යන ලිපිනයේ පදිංචි අට දරු ගොවි මාතාවක් වන ආර්.පී. ගිමාරහාමි මහත්මියයි. මේ වන විට ඇයත් සම`ග සිටි ජනපද පුරවැසියන්ගෙන් ඉතිරි ව ඇත්තේ ගිමාරහාමි මහත්මිය පමණකි. ඇයට හිමි ඔප්පු අංක 1/31 යටතේ ඇති ඉඩම් අංක 42-47 යන වර්ෂා පෝෂිත බිම් ප‍්‍රමාණය හොර රහසේ මහවැලි නිලධාරින් ප‍්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට මුදලට විකුණා ඇති බැවින් එය නිරවුල් කර තමාට ලබාදෙන ලෙස ඉල්ලා වසර කිහිපයක සිට නිලධාරින් දැනුවත් කළ ද එය ඉටුනොවීම නිසා මීට මාස 03 ට පෙර එනම් 2021-08-02 දින ඇඹිලිපිටිය මහවැලි අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් පසු නිලධාරින් සාධාරණය ඉටුකරන බවට පවසා එම ඉඩම් කොටසේ සිතියම ද ඇයට ලබාදී මෙය කිසිවකුටත් අයිති නොමැති බවත් ඇයට එය ලියා දෙන බවටත් පොරොන්දු වී ඇත.

මේ වනතුරුත් එම පොරොන්දු ඉටුකර නොදීම හේතුවෙන් තමාගේ වයස අවුරුදු 101 ක් වන මවක් මිය යන්නට කලින් තමාගේ දරුවන් හට එම අයිතිය පවරා දියයුතු බැවින් එය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටින බවත් එය ඉටු නොවන්නේ නම් මිය යන තෙක් උපවාසයේ නිරත වන බවද ඇය පවසා සිටින්නීය. මේ පිළිබ`දව ඇයගේ පුත් පියසේන දිසානායක මහතා මෙසේ ද පැවසීිය. අපේ අම්මාට පමණක් නොවෙයි මේ ජනපදයේ පැරණි ඉඩම්ලාභින්ට තවමත් ඔප්පු බලපත‍්‍ර දුන්නේ නැහැ. මහවැලි නිලධාරින් ඇතුළු වගකිව යුතු සැමට කිව්වා. පසුගිය 2017 වසරේ ඉඩම් සමීක්ෂණයක් තියලා අපි තෝරගෙන ඉඩම් ලියලා දෙන්න කියලා නියෝග කරල තියෙන්නෙ. නමුත් මහවැලි නිලධාරින් එ්ක ලියලා දෙන්න මුදල් ඉල්ලනවා. අම්මව තේරිලා තියෙන්නේ ඔප්පු අංක 1/31 යටතේ ඉඩම් අංක 42-47 ය කොටස. අපි මුදල් දුන්නේ නැහැ කියලා එ්ක වෙනත් කෙනෙකුට මුදලට ලියලා දීලා. මහවැලි නිලධාරින් කරන මේ ජරා වැඩ නිසා ජනපදයේ මිනිස්සු ඇනකොටා ගන්නවා. රජයට දොස් කියනවා. මේවා නැතිකරලා සාධාරණය ඉටුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.

 ඇඹිලිපිටිය සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment