මැර බලයෙන් වසර 35 ක් වසා තිබූ ඇළ සුද්ද කරයි

435

මීගමුව සමූහ – විමල් කීර්ති

 කටාන, හරිස්චන්ද්‍රපුර ගම්මානය හරහා ගලාගිය ඇළ මාර්ගය දේශපාලන සහ මැර බලයෙන් වසර 35 ක් වසා ගම්මානයේ ජනතාව පීඩාවට පත් කළ එම ඇළ මාර්ග අවහිරය කඩා ඉවත් කිරීමට කටාන ප‍්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න සිල්වා මහතා ප‍්‍රමුඛ එම ප‍්‍රාදේශීය සභාව සමත් විය.

 මෙම ඇළ මාර්ගය අවහිර කිරීම කටාන ප‍්‍රදේශයේ රජයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ දේශපාලන හයිය මත ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන මැර පිරිසක් විසින් සිදුකළ බව කටාන හරිස්චන්ද්‍රපුර ගම්වාසීහු පවසති. මේ හේතුවෙන් කටාන හරිස්චන්ද්‍රපුර ගම්මානය සුළු ගංවතුරකදී පවා යටව තිබේ. මෙම මහජන පීඩාව සැලකිල්ලට ගත් කටාන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටාන පොලිසියේ සහය ඇතිව ඇළ මාර්ගය වසා ඒ මත දේශපාලන හයියෙන් ඉදිකර තිබූ අනවසර වෙළෙඳ කුටිය කඩා ඉවත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment