මැල්කම් රංජිත් කාදිනල්තුමා විශ්‍රාම යන්නේ නෑ

464

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට වසර 75 ක් පිරීම පාප්වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්‍රදායක් බව කොළඹ අගරදගුරු මැඳුර කියයි.

එසේ නොමැතිව මෙය අගරදගුරුතුමා විශ්‍රාම යෑමට ගත් තීරණයක් නොවේ යැයිද පවසයි.

ඇතැමුන් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කරගෙන තිබෙන බව පවසන අගරදගුරු මැඳුර කාදිනල්තුමන් විශ්‍රාම යැවීම සම්බන්ධ තීන්දු තීරණය ගන්නේ පාප්වහස්සේ බවද කියයි. මේ අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විශ්‍රාම යෑමට අදහස් කර ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය යැයිද කොළඹ අගදරගුරු මැඳුර වැඩිදුරටත් සඳහන් කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment