මැලිබන් බිස්කට්ස් අඛණ්ඩව 5 වන වරටත් වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය බවට පත්වෙයි

1339

යහගුණයට මුල්තැන දෙමින්, පරම්පරා රැුසක ඉහළ විශ්වාසය දිනා ගනිමින්, වෙළෙඳපොළ ජයගැනීමට සමත් වූ මැලිබන් බිස්කට්ස්, අඛණ්ඩව 5 වන වරටත් මෙරට වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය ලෙස ඇගයීමට පාත‍්‍ර විය.

 තවද ප‍්‍රථම වරට, මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාම (සියලූම කාණ්ඩවලට අයත්) අතුරින් ඉහළම සන්නාම 10 අතරට පැමිණීමට ද මැලිබන් ආයතනය සමත් වීම සුවිශේෂී වූ කරුණකි.

 මැලිබන් හි අතිවිශිෂ්ට ප‍්‍රමිතිය, සුරක්ෂිත බව සහ ඉහළ වටිනාකම් සහිත නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දීම මෙම ආයතනයේ සාර්ථකත්වයට වගේම ගෞරවනීයත්වයට පත් වීමට මෙන්ම ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇතිකර ගැනීමට ද බෙහෙවින් ඉවහල් වී ඇත. තවද එමගින් මැලිබන් ආයතනය සිය  පාරිභෝගික ජනතාවගේ තෘප්තිය කෙරෙහි විසල් අවධානයක් යොමු කර ඇති අතර, පරිසරය හා සමාජය කෙරෙහි වගකීම් සහගත ලෙස කටයුතු කිරීම, සේවක තෘප්තිය සහතික කිරීම සහ තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලූම දෙනාට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා ඔවුන්ගේ නිරන්තරයෙන් කැපවීම, මෙම සමස්ත ජයග‍්‍රහණයන්ගේ පසුපස ඇති ප‍්‍රබලම සාධක බවට පත්ව ඇත. මෙම නවතම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් බිස්කට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවා ය. මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ. ජී. හින්නිඅප්පුහාමි මහතාගේ මූලික දැක්ම වූයේ උසස් තත්ත්වයෙන්, නොවෙනස් වූ රසයෙන් හා පෝෂණයෙන් යුතු ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයන්ට තිළිණ කිරීමයි. ආයතනයක් විදිහට අපි මේ වන විටත් ඒ දැක්ම අනුව කටයුතු කරමින් සෑම වයස් කාණ්ඩයකටම අයත් පාරිභෝගිකයන්ට ගැළපෙන නිෂ්පාදන තිළිණ කිරීම සඳහා නිරන්තරව පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන කටයුතුවල නියැළී සිටිනවා. මේ ආකාරයට අඛණ්ඩව 5 වන වරටත් ‘වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය’ බවට පත්වීමට අපට හැකියාව ලැබීම මගින් පෙනී යන්නේ, අපගේ ඒ උත්සාහයන් පාරිභෝගිකයන්ගේ නොමද අවධානයට වගේම ඇගයීමට ද ලක්වී ඇති බවයි. මෙය, රටේ විශ්වාසනීය බිස්කට් හා රසකැවිලි නිෂ්පාදන සමාගමක් ලෙස දිගින් දිගටම දියුණුව කරා යෑමට අප පොළඹවන ප‍්‍රමුඛතම සාධකයක් විදිහට හැඳින්වීමට පුළුවන්.

 මැලිබන් බිස්කට්ස් අඛණ්ඩව 5 වන වරටත් වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය බවට පත්වෙයි

 දේශීය හා විදේශීය පාවහන් සන්නාම නාම විශාල ප‍්‍රමාණයක් මෙරට අලෙවි කරන ශ‍්‍රී ලංකාවේ විශාලතම පාවහන් වෙළෙඳ ජාලය වන ඞී.එස්.අයි. සමාගම දේශීය රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛයෝ වන ඞී‍්‍රම්රොන්, එවෝන් සහ අවුරිකා සන්නාම ත‍්‍රිත්වය යටතේ හිසකේ සහ සම ආරක්ෂිත ආලේපන නිෂ්පාදනය කරන ඞී‍්‍රම්රෝන් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී.

 ඒ අනුව ‘සාප්පු තුළ සාප්පු සවාරිය’ සංකල්පය යටතේ තෝරාගත් ඞී.එස්.අයි. ප‍්‍රදර්ශනාගාරවලදී සාමාන්‍ය පාරිභෝගිකයන්ට එම ආලේපන නිෂ්පාදන මිලදී ගත හැකි වනු ඇත. මෙහි පළමු අදියර යටතේ ඞී.එස්.අයි. නාවින්න නිෂ්පාදනාගාරයේ අලෙවිසැලින් සහ වැල්ලවත්ත, පානදුර, මීගමුව සහ කුරුණෑගල ඞී.එස්.අයි. ප‍්‍රදර්ශනාගාර තුළ ඞී‍්‍රම්රෝන් අලෙවි කවුන්ටර ස්ථාපිත කර ඇත. දිවයින පුරා තවත් තෝරාගත් ප‍්‍රදර්ශනාගාර රැුසක එහි දෙවැනි අදියර යටතේ එම අලෙවි කවුන්ටර ස්ථාපිත කිරීමට නියමිතය.

 ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ සහ ඞී‍්‍රම්රෝන් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිෂූ ගෝමස් මහත්වරු අදාළ ගිවිසුම හුවමාරු කර ගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment