මැලේසියානු රැකියා 10,000 ක් ගන්න ගිවිසුම් අත්සන් කිරීම ඔක්තෝබරයේ

127
  • අමැති මනූෂගේ ඉල්ලීමට මැලේසියානු රජයෙන් කඩිනම් ප්‍රතිචාර

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයන්ට විවෘත කිරීම සඳහා වන ගිවිසුම අත්සන් කිරීම සඳහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු- අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී රැකියා දසදහසකට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාලසීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

මෙම රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් Dato Tan Yang Thai මහතා ඊයේ (22 දා) කම්කරු සහ විදේහ රැකියා අමාත්‍යාංශයේදී පැවති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මනූෂ නානායක්කාර ඇමැතිවරයා මැලේසියානු රජයෙන් කළ ඉල්ලීමට අනුව මෙම රැකියා දසදහස ලබාදෙන බව මහ කොමසාරිස්වරයා ඇමැතිවරයා වෙත නිල වශයෙන් එහිදී දැනුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment