මැලේසියානු සිංහල සංගමයෙන් අපේක්‍ෂා රෝහලට වෛද්‍යාධාර

74

මැලේසියානු සිංහල සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලබන මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය වෛද්‍යාධාර 2022 දෙවැනි අදියර යටතේ පිළිකා රෝගීන් සඳහා පමණක් වූ මැලේසියානු රිංගිට් 50,000 ක (රුපියල් මිලියන 04කට ආසන්න) වටිනාකමකින් යුත් වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවේ මහරගම අපේක්‍ෂා රෝහල වෙත ප්‍රදානය කිරීම කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඊයේ (23 දා) සවස සිදුවිය.

මැලේසියාවේ මලක්කා බෞද්ධ මහා විහාරාධිපති ශාස්ත්‍රපති අමුගොඩ සීලාලංකාර නාහිමි, සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි සහ ගංගාරාම විහාරවාසී ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන් සංකේතයක් ලෙස වෛද්‍ය ආධාර තොගය මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර (මැද) මහතාට ප්‍රදානය කළ අයුරු.

(ඡායාරූප වමේ සිට) කොළඹ නවලෝක රෝහලේ වෛද්‍ය පියල් එදිරිසිංහ හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදානයන් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරු ද වෙති.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment