මැලේසියාවේදී මියගිය දෙදරු මවගේ මළ සිරුර ගෙන්වා ගනී – මරණය ඝාතනයක් බවට මව්පියන්ගෙන් චෝදනා

471

මැලේසියාවේ රැකියාවක නිරතව සිට ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් බව පැවසෙන බේරුවල, ගල්හේන ප‍්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි දෙදරු මවක් වන ටී. චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වාගේ දේහය පෙරේදා(16දා)දිවයිනට ගෙන්වා ගැනීමට ඇයගේ මාපියන් කටයුතු කළේය.

දියණියගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා දෙමාපියන්ට අවශ්‍ය මුදල් සොයාගැනීමට නොහැකිවීම නිසා මාස එකහමාරකට වැඩි කාලයක් දේහය මෙරටට ගෙන්වාගැනීම ප‍්‍රමාදවිය. පස්චාත් මරණ පරීක්ෂණයට අනුව මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බව මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සඳහන් කරනු ලැබූවද චතුරිකාගේ දෙමාපියන් පුන පුනා පවසන්නේ තම දියණියගේ මරණය ඝාතනයක් බවයි. දේහය මෙරටට ගෙන්වීමෙන් පසු මීගමුව මහ රෝහල වෙත රැුගෙන යෑමට කටයුතු කර ඇති අතර ඊයේ (17දා) එම රෝහලේදී දේහයේ අවසන් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. දේහය මෙරටට රැගෙන ආවද ඇය උපන් ප‍්‍රදේශය වූ බේරුවල ප‍්‍රදේශයට දේහය රැුගෙන යෑමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් මීගමුව ප‍්‍රදේශයේදීම අවසන් කටයුතු සිදුකළ යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් දෙමාපියන් වෙත ඉතා දැඩිව දැන්වීමට කටයුතු කර තිබිණි. එහෙත් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශවලට අනුව මුද්‍රා තැබූ චතුරිකාගේ දේහය පදිංචි ප‍්‍රදේශයට රැුගෙන ගොස් ඉතා කෙටි වේලාවක් ඇතුළත අවසන් කටයුතු සිදුකිරීමට දෙමාපියන් වෙත අවසර හිමිවී තිබේ. තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සැකකරන ඇය සේවය කළ පිරිසිදු කිරීම් ආයතනයේ ප‍්‍රධානියාගේ ඥාතියකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවය කරන බවත් ඔහුගේ අනුදැනුම මත දිගින් දිගටම දේහය මෙරටට ගෙන්වා ගැනීමේදී හා පරීක්ෂණවලදී බාධාකිරීම් සිදුවූ බව චතුරිකාගේ දෙමාපියන් පවසයි. එමෙන්ම මෙරටට ගෙන්වූ දේහයේ අවසන් කටයුතු සඳහා එය පදිංචි ප‍්‍රදේශය වෙත රැුගෙන යෑමට නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අවධාරණය කර සිටියේද ඔහුගේ බලපෑම නිසා බවද ඔවුන් චෝදනා කරයි.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්
 

advertistmentadvertistment
advertistmentadvertistment