මැලේසියාවේ අගමැති ධුරයට අන්වර් ඊබ්‍රහිම් පත් කෙරේ

205

ඉකුත්දා මැලේසියාවේ පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබාගත නොහැකි වීම හේතුවෙන් උද්ගතව තිබූ අවිනිශ්චිත බව මගහරවමින් එරට පැරණි විපක්ෂ නායකයකු වන අන්වර් ඊබ්‍රහිම් මැලේසියාවේ නව අගමැතිවරයා වශයෙන් පත් කිරීමට එරට රජු වන සුල්තානා අබ්දුල්ලා විසින් පියවර ගෙන තිබේ.

ඉකුත් සති අන්තයේ මැලේසියාවේ පැවති මහ මැතිවරණයේදී නව අගමැති ඊබ්‍රහිම්ට හෝ හිටපු අගමැති මුයිඩ්ඩින් යසින් හට තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර පාරිලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය. නව අගමැතිවරයා මැලේසියාවේ රජු ඉදිරියේ එරට 10 වැනි අගමැතිවරයා වශයෙන් ඊයේ සවස දිවුරුම් දීමට නියමිතව තිබිණි. නව අගමැති ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් යුතු ‘පකටාන් හරපාන්’ පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත නොහැකි වීම හේතුවෙන් වෙනත් පක්ෂ සමග එක්ව සභාග රජයක් පිහිටුවීම සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment