මැලේසියා අවන්හලක සේවය කළ තරුණයා බොයිලේරුවක් ඇගට වැටී මියයයි

291

මළසිරුර මෙරටට රැගෙන එයි

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටි තරුණයෙකු බොයිලේරුවක් ශරීරය මතට පෙරළී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටියදී මැලේසියාවේදී පසුගිය (05දා) මියගිය තරුණයාගේ මළ සිරුර ඔහු පදිංචි මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලිසිය පවසයි.

මැලේසියා අවන්හලක සේවය කළ තරුණයා බොයිලේරුවක් ඇගට වැටී මියයයි

මෙසේ මිය ගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නමැති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා දැනට වසර එකහමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත. එහිදී ඔහු අවන්හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටී ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇත. ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිළිස්සීයෑම නිසා බරපතළ තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී මෙම මස (05දා) මියගොස් ඇති බව මරණකරුගේ ඥාතීහු පැවසූහ.

මැලේසියා අවන්හලක සේවය කළ තරුණයා බොයිලේරුවක් ඇගට වැටී මියයයි

මියගිය අයගේ අවසන් කටයුතු ඊයේ (12දා) බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

සටහන හා ඡායාරූප මස්කෙළිය – ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක සහ නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment