මැස්සා තුළින් හමුවන කවුද මේ රියාස්

117

ඔහු නමින් අබ්දුල්ලා රියාස් පදිංචිය දෙහිවල. පුංචි කාලේ ඉඳන් රංගනයෙන් ඉදිරියට එන්න තමයි අබ්දුල්ලා සිහින මැව්වේ. ඉතින් අබ්දුල්ලා මේ ගමන එන්න සෑහෙන දුකක් එහෙම විඳලා තිබෙනවා. ඒ කතාව මීවිතට මේ විදිහට කිව්වා.

ඇත්තට ම මම දෙහිවල පදිංචි වෙලා හිටියට උපන්ගම වැලිගම කපුවත්තේ. වැලිගම ඉඳල දෙහිවලට ආවේ අම්මත් එක්ක. පුංචි කාලේ ඉඳලා මම කලාවට ආසයි. අවුරුදු දොළහේදී ක්‍රොරියෝග්‍රාෆ් කෙනෙක් විදිහට වැඩ කළා. බටහිර නර්තනය තමයි වැඩිපුර හැදෑරුවේ. මගේ තාත්තාත් වේදිකා නාට්‍යවල රඟපාලා තිබෙනවා. මම පසුගිය කාලයේ වෙළෙඳ දැන්වීම් රැසකට වගේම ටෙලිනාට්‍ය කිහිපයකට සහභාගි වෙලා තිබෙනවා. ශක්ති ටීවී නාලිකාවේ හෑෂ් ටැග් කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. මේ දිනවල විකාශනය වෙන මැස්සා ටෙලිනාට්‍යයේ මුස්ලිම් චරිතයක් සඳහාත් මම දායක වෙලා ඉන්නවා. මැස්සා ටෙලිනාට්‍යයට මට මේ දිනවල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවේ නැහැ මැස්සා ටෙලිනාට්‍යයේ මගේ චරිතයට මේ තරම් ප්‍රතිචාර ලැබේවි කියලා.

මීට කලින් ස්වර්ණවාහිනියේ රාත්‍රි හතට විකාශනය වුණා ගුග්ලි කියලා ටෙලිනාට්‍යයක්. ඒකෙත් මම මගේ නම වන රියාස් කියල ම චරිතයක් රඟපෑවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

මටත් ඕනෑ වුණේ තාත්තා වගේ හොඳ රංගන ශිල්පියෙක් වෙන්න. මම මැස්සා ටෙලිනාට්‍යයේ රිස්වාන්ගේ මිත්‍රයාගේ මිත්‍රයා වන රියාස්ගේ චරිතය තමයි රඟපාන්නේ. අපි ටෙලිනාට්‍යයේ නිතරම මැස්සා එක්ක වලියට තමයි බර.

මේ දවස්වල මම දිගට ම දසුන් එක්ක තමයි රඟපාන්නෙ. මට ලොකු සහයෝගයක් ලැබුණා. අපේ ගෙදරින් කැමැති වුණේ නෑ, රඟපානවාට. මම රඟපෑමට තිබෙන ආසාව හින්දම ගොඩක් මොඩල් බෑන්ක් හොයාගෙන ගියා. නමුත් මට අවස්ථාවක් හම්බ වුණේ නෑ. නමුත් මගේ වාසනාවට ටෙලිනාට්‍ය දෙකක් හම්බ වුණා.

මම ඉන්දියාවට ගිහිල්ලා ප්‍රභු දේවා මාස්ටර්ගේ ඇසිස්ටන් කෙනෙක් වුණා. ශ්‍රීධර් ගෙන් ඩාන්සින් ඉගෙන ගත්තා. එයා තමයි විජේ, අජිත් කියන හීරෝස්ලාට ඩාන්සින් ක්‍රොරියෝ ග්‍රැෆික් කරන්නෙ. එයත් එක්ක මම මාස හයක් ඩාන්සින් ඉගෙන ගත්තා. මම ශංකර් චිත්‍රපටයේ විජයත් එක්කත් ඩාන්ස් කරලා තියෙනවා. ඉන්දියාවට ගිහිල්ලා “වන්” කියලා චිත්‍රපටයක් සඳහා නර්තනයට එකතු වෙන්න අවස්ථාවත් ලැබුණා. කොරෝනා හින්දා අවාසනාවකට ශිවා කාර්ති ගේ වැඩේට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඇත්තට ම මගේ එකම බලාපොරොත්තුව ලොකු ඩාන්සර් කෙනෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන්න තමයි වුවමනාව.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment