මැ.කො. කථානායකගෙන් පුංචි ඡන්දයට සල්ලි ඉල්ලයි

109

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ලබාදෙන ලෙස ඉල්ලා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසීය.

මුදල් බලය පාර්ලිමේන්තුවට පවතින නිසා මැතිවරණයට අවශ්‍ය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකළ බව ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවත්, ඒ සම්බන්ධයෙන් මාර්තු 03 වැනිදා කොමිෂන් සභාව සාකච්ඡා කර මැතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment