මැ. කො. දෙවැනි වරටත් පුංචි ඡන්දය කල්දමයි

106

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දෙවැනි වරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11 දා) තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම සිදු නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාව අනුව ඡන්දය විමසීම සඳහා දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment