මෑත ඉතිහාසයේ හමුවූ ලොකුම කේරළ ගංජා තොගය කන්කසන්තුරේ මුහුදේදී අත්අඩංගුවට… වටිනාකම රුපියල් කෝටි හයහමාරක්

420

නාවික හමුදාව විසින් මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම කේරළ ගංජා තොගය 26 දා යාපනය කන්කසන්තුරේට උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි හයහමාරක් පමණ වන අතර ඊට කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 217 ක් ඇතුළත් වුණි.
 
 ඩිංගි යාත‍්‍රාවක් මගින් රැුගෙන එන ලද මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් තුන් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 
 නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 34ත් අතර පසුවන කන්කසන්තුරය වළලායි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය, වියළි කහ සහ ඩිංගි යාත‍්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
 
 – දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment