මෑන් පවර් යොදාගෙන වරාය වෘත්තීය සමිති දඩයමක් – වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය

385

වරාය අධිකාරියේ සේවක වෘත්තීය සමිති දියකර හැරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගෝකානගේ මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවැසීය.

මෙම කුමන්ත‍්‍රණය හරහා වරාය ස්ථිර සේවකයන් සිදුකරන ග‍්‍රැන්ටි, පොලිමෝර් කි‍්‍රයාකරුවන්ගේ කාර්යයන් දෛනික දීමනාව (Man Power) යටතේ බඳවාගෙන සිටින සේවකයන් හරහා සිදුකිරීමට කටයුතු කරගෙන යන බව ද ඔහු පැවැසීය. මෙම සේවකයන් මෑන් ෆවර් ආයතනයක් හරහා බඳවාගෙන තිබෙන බවත් ඔවුන්ට වරායෙන් දිනකට මුදලක් ගෙවනවා ද යන්න පවා හෙළි නොකිරීම පිටුපස කිසියම් පිරිසකට අතයට ගනුදෙනුවක් සිදුවනවා ද යන්න සැකයක් පවතින බව ද ඔහු කීය. එමෙන්ම මෙම සේවකයන් ගෙන් ස්ථිර සේවකයන් සිදුකරන කාර්යයන් කර ගැනීම නිසා වෘත්තීය සමිති බලය දියකර හැරීමක් සිදුවන බව ද ඔහු පැවසීය. වරාය සඳහා වැඩ සහායකයන් ලෙස ස්ථිරව බඳවාගන්නා සේවකයන් කාලයක් තිස්සේ ලබන පුරුද්දත් සමග උසස්වීම් ලැබීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක වුවත් මෑතක සිට එම ක‍්‍රමය වෙනස් කර මෑන් පවර් සේවකයන් සඳහා බඳවාගන්නා පිරිස් ග‍්‍රැන්ටි සහ පොලිමෝර් කි‍්‍රයාකරුවන් ලෙස සේවයට යොදාගන්නා බවත් ඔහු කීය.

මෙවැනි කි‍්‍රයා නිසා එම යන්ත‍්‍ර කිහිපයකට අලාභ හානි සිදුවී රුපියල් කෝටි ගණනක පාඩුවක් වරායට සිදුවී ඇති බව ද ගෝකානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment