මිණිබිරිය ගැබිනියක කළ සීයා රිමාන්ඞ්

464

* දැරිය දරුවා බිහි වන තුරු  මාතෘ නිවාසයක රඳවයි

බළන්ගොඩ හැරමිටිගල ප‍්‍රදේශයේ නිවසක සීයා ළ`ග රැුකවරණයට තබා තේ දළු නෙලීමට දරුවාගේ මව ගිය අතරේ 14 හැවිරිදි දැරිය ගැබිනියක් බවට පත් කළ 71 හැවිරිදි පුද්ගලයා මේ මස 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා (01) නියෝග කළේය.

රටේ පවතින කොරෝනා ව්‍යසනය නිසා සිය දියණිය පාසල් නොයන බැවින් ඇය තමන්ගේ පියා ළග රැකවරණයට තබා මව්පියන් රැකියාවට යෑම සිරිතක් වශයෙන් කිහිපවිටක් සිදු කර ඇත. මේ අතරේ දී දැරිය බිය ගන්වා මෙම අපරාධය සිදුකර ඇත. දැනට මෙම දැරිය බළන්ගොඩ මූලික රෝහලේ නතර කර ඇති බවත් පී.සී.ආර්. වාර්තාව ලද පසු මාතෘ නිවාසයකට දරුවා බිහි වන තුරු භාරදීමට කටයුතු කරන බවත් පරීක්ෂණ මෙහෙයවන බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප‍්‍ර.පො.ප පාලිකා රාජපක්ෂ මහත්මිය සදහන් කළාය.

බළන්ගොඩ – එන්.එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment