මිත්තණිය සහ මිණිබිරිය ඇළට බිළි

161

පොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණිය (60) සහ මිණිබිරිය (05) සැඩ පහරට අද (01) දින ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය කියා සිටී.

ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පෙර පාසලට ගොස් මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසල ඇළ මාර්යක් තරණය කිරිමට යාමේදි දෙදෙනාම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment