මිත්‍යා මතවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ගන්න – විශේෂඥ වෛද්‍යවරු කියති

85

එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතාව සහ මඳ සරුභාවය ඇති වන බවට ඇතැමෙක් කරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පෙන්වාදෙන මහාචාර්යවරයා විද්‍යාත්මකව තහවුරු නොකළ එවැනි ප්‍රබන්ධ කතාවලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් පුද්ගලයා මෙන්ම රට ද ආරක්ෂා වන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment