මිතුදමින් බැඳුණු රටවල ආගමික දර්ශන එක්තැන් කළ දාසූ ලෙන් නිර්මාණ

281

වර්ෂ 1999 දී එක්සක් ජාතීන්ගේ සංවිධානය යටතේ වූ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද දාසූ ගල් කැටයම් Dazu Rock Carvings සහිත ලෙන් හා කඳු බෑවුම් ආශ්‍රිත කලාපය චීනයේ චොංකිං Chongqing සිට කිලෝමීටර් 165ක් පමණ බටහිර දෙසින් පිහිටි මනස්කාන්ත ප්‍රදේශයක දැකගත හැකිවේ. ගල් කුළු තුළට කණින ලද ලෙන් තුළ මෙන්ම කඳු බෑවුමේ විවෘත ස්ථානයන්හි මෙම ශෛලමය කැටයම් නිර්මාණ කර ඇති ආකාරය විශ්මය ජනක වේ. චීන සම්ප්‍රදායික මූර්ති සහ කැටයම් කලාව ඔපවත් කරමින් මෙම නිර්මාණ වෙතින් බෞද්ධ, කොන්ෆියුෂියානු සහ තාඕවාදී ආගමික සංකල්ප නිරූපණය කෙරේ.මෙම ප්‍රදේශයේ පවතින සුවිසල් කැටයම් හි සෞන්දර්යාත්මක කලාංග එකී ආගමික දර්ශණයන්හි ආභාෂයෙන්ම පොහොසත්වූ බව පැහැදිලි වේ. එමෙන්ම අතීතයේ දී චීනය හා මිතුදමින් බැඳුණු ආසියාතික රටවල පැවති ආගමික දර්ශණයන් සහ ඓතිහාසික සිද්ධිදාම පිළිබඳ අවබෝධයක් එහි වූ ශිලා ලේඛන මගින් අපට අවබෝධකර ගත හැකිවේ. Dazu ලෙන් විහාර මූර්ති හා සිතුවම් කලාව 7 වැනි සියවසේ සිට 13 වැනි සියවස දක්වා කාලය තුළ එරට ව්‍යාප්ත වූ බව අවධාරණය කරන ද්‍රව්‍යමය සාක්ෂි වෙතින් අනාවරණය වේ. චීන පුරවැසියන්ගේ ජීවිත අර්ථවත් කිරීමට එකී ආගමික දර්ශන හේතුකාරක වූ බව ඉන් මනාව පිළිබිඹු වේ. මෙම අඩවිය තුළ ඇති ඓතිහාසික අභිලේඛන සටහන් විශාල සංඛ්‍යාවකින් ඒ බව තවදුරටත් සනාථ කෙරේ.

මිතුදමින් බැඳුණු රටවල ආගමික දර්ශන එක්තැන් කළ දාසූ ලෙන් නිර්මාණ

වර්තමානය දක්වාම මෙම ගල් කැටයම් හා මූර්ති නිර්මාණයන්හි මුල්කාලීන ලක්ෂණ සහ වටිනාකම් ආරක්ෂාවී පැවතීම මහත් වාසනාවකි. මිනිසුන් විසින් ඒවා විනාශ කිරීමකට හෝ ස්වාභාවික විපත් හේතුවෙන් විනාශයට භාජනයවීමක් හෝ සිදුනොවීම එයට හේතු සාධක බව පැවසේ. එසේ වුවද වර්තමානයේදී මෙම ප්‍රතිමා හා ලේඛණ සංස්කෘතිකමය වශයෙන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා කටයුතු කිරීමේදී ඒ අවට ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආගමික කලා නිධානයක් ලෙස දාසූ ගල් කැටයම් වල ඓතිහාසික ලක්ෂණ සහ මූලික ශෛලිය මෙන්ම ඒවායෙහි සංස්කෘතික වටිනාකම උපරිමයෙන් රැකගැනීමට චීන රජයට හැකිවී තිබේ.එසේම මෙම ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා එරට පවතින නීති සහ රෙගුලාසි විවිධ පරිපාලන මට්ටම් ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයද දැකගත හැකිවේ. සංස්කෘතික හා කෞතුක දේපළ ආරක්ෂා කිරීම පිළිබඳ මහජන චීන සමූහාණ්ඩුවේ නීතිය ඒ උදෙසා මනා පිටුබලයක් වී තිබේ. එමෙන්ම මෙම උරුමයන් සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ Chongqing නගර සභාවේ රෙගුලාසි ඒවායෙහි අඛණ්ඩ පැවැත්මට කිසිදු හානියක්වීමට හෝ හායනයවීමකට භාජනය නොකිරීම සහතික කරයි. මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුව විසින් දේශීය ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්මට Dazu Rock Carvings සංරක්ෂණය සහ කළමනාකරණය රෙගුලාසි ඇතුළත් කර තිබේ. ඒ අනුව එම කටයුතු සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ලෙස අධීක්ෂණය කිරීම උදෙසා වෘත්තිකයන් කණ්ඩායමක උපදෙස් හා උපකාරය නිරතුරුව ලබාගැනීමට ද කටයුතු කෙරේ.\

මිතුදමින් බැඳුණු රටවල ආගමික දර්ශන එක්තැන් කළ දාසූ ලෙන් නිර්මාණ

කෙසේ වුවද මෙම ගල් කැටයම් හා මූර්ති නිර්මාණ තාක්ෂණය පුරාණ ඉන්දීය ආභාෂය ඇතිව ආරම්භ වූවක් බව සැළකේ. ඒ අනුව ටෑං රාජවංශය Tang dynasty සමයේ ක්‍රි.ව. 650 දී මුල්ම කැටයම් නෙළීම ආරම්භ කරන ලද බවට තොරතුරු වාර්තාවන නමුත් ඒවා නිර්මාණය කිරීමේ ප්‍රධාන කාල පරිච්ඡේදය 9 වන සියවසේ අගභාගයේදී වූ බව සනාථ කරගෙන තිබේ. ඒ උදෙසා පුරෝගාමියා ලෙසින් චංෂෝ Changzhouහි ප්‍රධානියා වූ වෙයි ජුන්ජිං Wei Junjing කටයුතු කර ඇති බවත් වාර්තා වේ. ඔහු අනුගමනය කරමින් රාජවංශ පහ සහ දස රාජධානි කාලය තුළ (907-965) ප්‍රාදේශීය වංශවතුන්, භික්ෂූන්, මෙහෙණින් වහන්සේලා සහ සාමාන්‍ය මිනිසුන් විසින් මෙම ස්ථාන රැකබලාගෙන ඇති බව විශ්වාස කෙරේ.

සොං රාජවංශය සමයට ගැනෙන 12 වන ශතවර්ෂයේ දී ෂාඕ ෂිෆෙන්ග් zhaoZ hifeng නම් බෞද්ධ භික්ෂුව විසින් බාවෝඩින් Baoding කන්දේ මූර්ති සහ කැටයම් නෙළීම ආරම්භකර ඇති අතර උන්වහන්සේගේ ජීවිත කාලයෙන් වසර 70ක් මේ උදෙසා කැපකර තිබෙන බව වාර්තා වේ. වසර ගණනාවක් බාහිර ලෝකයෙන් ඈත්ව පැවති මෙම ප්‍රදේශය ක්‍රි.ව. 1961 දී චීන සංචාරකයන් හටත්, ක්‍රි.ව. 1980 සිට විදේශීය සංචාරකයන් උදෙසාත් විවෘත කර තිබේ. ඒ අනුව එම ප්‍රදේශය තුළ පිහිටි Baodingshan” Beishan” Nanshan”Shizhuanshan iy Shimenshan ස්ථාන පහ වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. සෞන්දර්යාත්මක ලක්ෂණ එක්කාසු කළ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙඅංශයේම විෂය කරුණු වලින් මෙම ශෛලමය නිර්මාණය පොහොසත්වීම එයට හේතුකාරක වේ. එසේම චීන වැසියන්ගේ එදිනෙදා ජීවිතයට ඒවා වෙතින් ලබාදුන් ආලෝකය කෙතරම්ද යන්න එමගින් අපහට වඩාත් පැහැදිලි වේ.එමෙන්ම Dazu දිස්ත්‍රික්කයේ මධ්‍යයේ ඊසාන දෙසින් Longngang නගරයේ සිට 15km පමණ දුරින් පිහිටි Baodingshan මීටර් 527.8 ක උසින් යුක්ත වූ කන්දකි. එහි මීටර් 500ක් පමණ දිගින් යුතු අශ්ව ලාඩමක් සහිත ඇලියක මීටර් 15ත් 30 ත් උස ප්‍රමාණයක විශාල මූර්ති සහිත කැටයම් පේළි වශයෙන් හා ගල් ලෙන් තුළ නිමවා තිබේ. බුද්ධ ප්‍රතිමා දසදහසකට ආසන්න ප්‍රමාණයක් මෙහි ඇති බව වාර්තා වේ. එම නිර්මාණ කටයුතු Zhao Zhifeng නැමැත්තෙකු විසින් ක්‍රි.ව. 1174 ආරම්භ කරන ලද බව පැවසේ. එතැන් සිට ක්‍රි.ව. 1252 දක්වා එම කටයුතු ඉටුකර ඇති බව වාර්තා වේ. බෞද්ධ දර්ශණයේ ටිබෙට් ආභාෂය පිළිඹිබු කරන විශාල ආශ්‍රමයක් ලෙස මෙම ස්ථානය සැළකේ.

මිතුදමින් බැඳුණු රටවල ආගමික දර්ශන එක්තැන් කළ දාසූ ලෙන් නිර්මාණ

එමෙන්ම එහි ඉදිකර තිබෙන Shengshou විහාරස්ථානයේ වූ විශ්මයජනක නිර්මාණය වන්නේ වසර 800 කට වඩා පැරණි උසින් මීටර් 7.7 ක් සහ පළලින් මීටර් 12.5 ක් වූ Thousand-armed Avalokitesvara මූර්තියයි. එමඟින් එම කාලයේ පැවති විවිධ සමාජීය විශ්වාසයන්ගේ පසුබිම මැනවින් පිළිබිඹු කෙරේ.
Dazu හි Longggang නගරයට 1.5 නප උතුරු දෙසින් උසින් මීටර් 545.5ක් වන ඊැසිය්බ කඳුකරයේ බෑවුමේ මීටර් 300ක් දිගට මීටර් 7 සිට 10 දක්වා උසකින් යුක්ත වන කලාපයක එකිනෙකට වෙනස් ස්වරූපයෙන් පිළිම නෙළා තිබේ. ක්‍රි.ව. 892 සිට ක්‍රි.ව. 1162 දක්වා කාලය තුළ නිමවා ඇති මෙම කැටයම් පරිමාණයකට අනුව ඉදිකර තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි. ප්‍රමාණය 5,000 කට අධික මූර්ති නිර්මාණයන්හි දැකගත හැකි සියුම් කැටයම් එකී ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා මැනවින් පිළිබිඹු කෙරේ. එමෙන්ම Longggang නගරයේ සිට 2නප දකුණට වන්නට පිහිටා තිබෙන Nanshan කඳු බෑවුමේ මීටර් 86ක් දිගට මීටර් 3.5 සිට මීටර් 10.2 දක්වා උස මට්ටම තෙක් විහිදී යන තාඕවාදය තේමා කරගත් ප්‍රතිමා 421ක් ලෙන් 15 තුළ දැකගත හැකිවේ. 12 වන සියවසේ ක්‍රි.ව 1131 – 1162 අතර සොං රාජවංශය සමයේ දී ටිබෙට් ආභාෂය ගුරුකොට නිමවා තිබීම ද විශේෂත්වයකි. මනස්කාන්ත ස්වභාවික පරිසරයක පිහිටි මෙම ස්ථානය අතීතයේ සිටම දාසූ හි ආකර්ෂණීයම ස්ථාන දහය අතුරෙන් එකක් බව පැවසේ.
Shizhuanshan පිහිටා ඇත්තේ දාසූ සිට 20km දුරින් Sanqu නගරයේ ත්‍දයමස ගම්මානයේ ය. ක්‍රි.ව 1082 සිට 1090 දක්වා කාලය තුළ මෙහි කැටයම් කරන ලද බව වාර්තා වේ. පර්වතයේ දිගින් මීටර් 130ක පළල මීටර් 3 සිට 8 ක් පෙදෙසක කොන්ෆියුෂියානු, බෞද්ධ සහ තාඕවාදය ඒකාබද්ධ කරන පැරණිතම කැටයම් එහි දී දැකගත හැකිවේ. කොන්ෆියුසියස් සහ ඔහුගේ හොඳම ගෝලයන් 10 දෙනා කැටයම් කළ අංක 6 ලෙන මෙහි පිහිටි ලෙන් දහය අතුරින් වඩාත්ම ප්‍රචලිතව පවතින්නකි.

එමෙන්ම ක්‍රි.ව 1094 සිට ක්‍රි.ව. 1151 දක්වා වූ කාලයේදී කැටයම් හා මූර්ති නිමවා ඇති බව සලකන ෂිමෙන්ෂාන් Shimenshan ස්ථානය ලොන්ග්ගාන්ග් නගරයේ සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින් දෙසින් පිහිටා තිබේ. කඳු බෑවුමේ මීටර් 71.8ක් දිගට මීටර් 3 සිට 5 දක්වා උස ප්‍රමාණ වලින් නිමකළ මූර්ති හා කැටයම් තුළින් ප්‍රධාන වශයෙන් බෞද්ධ සහ තාඕ දහමේ ඉගැන්නුම් වලට අදාළ චරිතාංග පිළිබිඹු කෙරේ. මෙහි වූ ලෙන් 12 ක් තුළ ප්‍රතිමා නෙළා ඇති අතර ලෙන් හතරක කලාත්මක සිතුවම් දැකගත හැකිවේ. ඇත්ත වශයෙන්ම Dazu හි ශෛලමය කැටයම් සහිත ස්ථාන 102 ක් ඇති අතර ඒවායෙහි මූර්ති 50,000 කට අධික ප්‍රමාණයක් ඇති බවත් වාර්තා වේ. එමෙන්ම ටෑං රාජවංශය සමයේ (618 -907) සහ සොං රාජවංශයට (1127 – 1279) ගැනෙන වකවානුව තුළ කඳු බෑවුමේ කරන ලද ශිලා ලේඛනයන්හි දහම් කරුණු හා තොරතුරු සටහන් වචන 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බව හඳුනාගෙන තිබේ.මෙවන් උත්කෘෂ්ඨ සුවිශේෂී බෞද්ධ කලා බිමක සංචාරය සඳහා ඔබ යොමුවන්නේ නම් චෙන්ග්ඩු Chengdu නගරයේ සිට චොංකිං Chongqing හරහා Dazu දක්වා අධිවේගී දුම්රියෙන් ගමන් කළ හැකිවේ. ඒ සඳහා ගතවන්නේ පැය 1.5 – 2 කාලයකි. බසයකින් යෑමට ඒ උදෙසා පැය 4ක පමණ කාලයක් ගතවනු ඇත. එතැන් සිට අංක 205 බසයෙන් දර්ශනීය ශෛලමය කැටයම් සහිත ප්‍රදේශයේ පිවිසුමට ළඟාවිය හැක. ඒ සඳහා පැය භාගයක් පමණ කාලයක් මිඩංගු කළ යුතුවේ. මෙම නැරඹුම් ස්ථාන සියල්ලම සංචාරකයන් හට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී.

(චීනයේ සීචුවාන්හි අධ්‍යාපනය ලැබූ කාලයේදී එම පළාතේ Cultural heritage and Archaeological sitesවෙතින් එක්රැස්කරගත් තොරතුරු මතයි.)

එම්. එම්. පාලිත
මහින්ද මුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment