මිතුරා ඝාතනය කළ සිසුවා රිමාන්ඩ්

261

පරණ කෝන්තරයකට බහින් බස් වී හම්බන්තොට සාමෝදාගමදි අතින් පයින් පහර දී 15 හැවිරිදි සිසුවෙකු ඝාතනය කළ 17 හැවිරිදි සිසුවෙකු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ හම්බන්තොට සාන්තමේරි ජාතික පාසලේ අධ්‍යාපනය ලබන හම්බන්තොට ආරබොක්ක පදිංචි 17 හැවිරිදි එම්.අවුෂාන් නැමැති සිසුවෙකි.
පහරකෑමෙන් මියගියේ හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේම පදිංචි හම්බන්තොට සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මොහොමඩ් ෆයිරෝස් ආනිෆ් මොහොමඩ් නැමති සිසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment