මිත‍්‍ර රටවල සහාය ගන්න කැබිනට් කමිටුවක්

132

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මිත‍්‍ර පාර්ශ්වික රාජ්‍යයන්හි සහයෝගය ලබා ගැනීම ස`දහා සාකච්ඡා පැවැත්වීම පිණිස කැබිනට් මණ්ඩල කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ ස`දහා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ස`දහන් කළේය. යුද සමයේ මෙන්ම විවිධ අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකාවට සහයෝගාත්මකව අතහිත දුන් බලවත් රාජ්‍යයන් ඇතුළු රටවල් රැසක් තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම කැබිනට් මණ්ඩල කමිටුව පත් කිරීමට නියමිතව බවද ඇමැතිවරයා පැවසීය. ලබන ස`දුදා පැවැත්වෙන මීළ`ග කැබිනට් මණ්ඩල  රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවද ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment