මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයේ කොන්ත්‍රාත්කරු හඳුනාගනී

298


මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයට බාර වීමෙන් පසු අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මිද්දෙණිය පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයට ඊයේ භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙණිය මල් ශාලා හිමිකරුගේ ඝාතනය සදහා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව කියන මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන 54 හැවිරිදි සිව් දරු පියෙකු වන ඩබ්ලිව්ගඒගකේගපියල් රංජිත් නොහොත් ඇට සුද්දා නැමති අයයි.

advertistmentadvertistment
advertistmentadvertistment