මිදුලේ සෙල්ලම් කරමින් සිටි පුංචි දැරිය හිටිහැටියේම ඇදවැටී මියයයි; බෙල්ල පැත්තකට හැරුණා… කටින් සෙම ආවා… රෝහලට රැගෙන ගියවිට දරුවා මියගිහින් කීවා…

708

බළන්ගොඩ  පළමු කොවිඞ්  ළමා මරණය

බලන්ගොඩ මාරතැන්න ප‍්‍රදේශයේ අවුරුදු 3යි මාස 07 වයසැති කුඩා දරුවෙකු නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී හිටිහැටියේ ඇද වැටී මරණයට පත් වී ඇත. මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ දී (23* බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි දී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ පැවසීය.

මිදුලේ සෙල්ලම් කරමින් සිටි පුංචි දැරිය හිටිහැටියේම ඇදවැටී මියයයි; බෙල්ල පැත්තකට හැරුණා...  කටින් සෙම ආවා... රෝහලට රැගෙන ගියවිට  දරුවා මියගිහින් කීවා...



‘‘සිද්ධිය වු දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටිහැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළ`ගට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කලේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පිට් එක හැදිලා කියලා. ළ`ගම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහි දී දරුවා මියගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවසුවා.’’

පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදු කර අතර මෙය කොවිඞ් රෝගය වැළ`දීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කළේය.

සාක්ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො.සැ (5389* පී.බී.ජී. දිසානායක මහතා විසින් සිදු කළේය. ඉඹුල්පේ කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සී.පී, ප‍්‍රනාන්දු මහතා ස`දහන් කලේ මෙය ඉඹුල්පේ සහ බළන්ගොඩ කොට්ඨාස තුළ සිදු වූ පළමු කොවිඞ් ළමා මරණය බවයි. ආදාහන කටයුතු බළන්ගොඩ දහමාන ආදාහනාගාරයේ දී (23* සිදු කරන ලදී.

බළන්ගොඩ එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment