මිනින්දෝරු පුහුණුව පෞද්ගලික අංශයට

802

මිනින්දෝරු නිලධාරීන් පුහුණු කිරීමේ බලය මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැරසෙන බව රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. බී. උඳුගොඩ මහතා පැවසීය.
 
 මේ සඳහා මිනින්දෝරු පනත සංශෝධනය කිරීමට පියවරගෙන ඇති බව පැවසූ ඒ මහතා දැනටමත් මිනින්දෝරුවන් පුහුණු කිරීමේ බලය කොතලාවල විශ්වවිiාලයට ලබාදී ඇතැයිද සඳහන් කළේය.
 
 ආණ්ඩුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව දුර්වල කර එහි බලතල පෞද්ගලික අංශයට ලබාදීම තුළින් සිදුවන්නේ නිසි සුදුසුකම්වලින් තොර මිනින්දෝරුවන් පිරිසක් බිහිවීම බවද පැවසූ ඒ මහතා ඒ අනුව දුප්පත් ජනතාවගේ ඉඩම් බලපුලූවන්කාරයින්ට ඉතා පහසුවෙන් කොල්ලකෑමේ හැකියාව උදාවන බවද කීවේය.
 
 මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මිනින්දෝරුවන් 1500ක් පමණ අවශ්‍යමුත් දැනට සිටින්නේ 700ක පමණ පිරිසක් බවත් මෙම ගැටලූවට විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම් නොසලකා හැර මිනින්දෝරු දෙපාර්තමේන්තුව දුර්වලකර දමා පෞද්ගලික අංශයට එහි වගකීම් පැවරීමට යන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
– ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment