මිනිබිරියට අතවර කළ සීයාට අධිචෝදනා

662

15 හැවිරිදි ශිෂ්‍යාවක් වූ තම එකම මිනිබිරිය ඇගේ නිවස තුළදී මාස ගණනාවක් දූෂණය කළ බව කියන 75 හැවිරිදි ඇගේ සීයාට නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී. පී. පී. රත්නායක මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට (සීයාට) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

දූෂණ චෝදනා ලැබූ විත්තිකාර සීයා වූයේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකි. විත්තිකරු විසින් 2008 සැප්තැම්බර් 01 වැනි දින සිට 2009 අගෝස්තු 31 වැනි දින අතර කාලය තුළ තම මිනිබිරිය දූෂණය කළ බව අධිචෝදනාවේ සඳහන් වේ.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරුට සුදුසු ඇපයක් ලබා දෙන ලෙසට විත්තියේ නීතිඥ ප්‍රසාද් චතුරංග සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා අධිකරණය හමුවේ කළ ඉල්ලීම අනුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අත්අඩංගුවෙන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය. රජයේ අධිනීතිඥ අනුශිකා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය විය.

මීගමුව සමූහ විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment