මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යන මුහුදු ජීවීන් සහ පැළෑටි රැක ගනිමු

426

ජීව විද්‍යාව අනුව ජලජ ජීවීන් යනු ජලයේ ජීවත්වන ශාක පැළෑටි හා සත්වයින් ය. භූගෝල විද්‍යාව අනුව ජලය කොටස් කර පෙන්වා දෙයි. එනම් සාගර හා මුහුදු ජලය (කරදිය ජලය) විල්, ගංගා, පොකුණු ජලය (මිරිදිය ජලය) යනුවෙන් ය.

සමස්ත භූමි ප්‍රමාණයෙන් 71% ක් ජලය වන අතර 29% ක ප්‍රමාණය ගොඩබිම ලෙස හැඳින්වේ. මේ අනුව බලන කල ගොඩබිම ජීවීන්ට වඩා විශාල ප්‍රමාණයක් ජලජ ජීවීන් ලෙස ජීවත් වේ.

මුහුදු ජීවීන් වර්ග විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර මුහුදු පැළෑටි වර්ග, මුහුදු මත්ස්‍යයන් වර්ග, විවිධ මුහුදු සත්වයින් ද දැකිය හැකි වන්නේ ය.

මසුන් වර්ග ලෙස ගත් කල සාගරයේ ජීවත්වන විශාලම මසුන් වර්ගය ලෙස “තල්මසා” හඳුන්වා දිය හැක. ගැඹුරු මුහුදේ ජීවත්වන තල්මසා විශාල ශරීරයක් සහ අඩි 100 ට වඩා විශාලත්වයකින් යුත් සත්වයෙකි. තල්මසා ට නොගැඹුරු මුහුදට පැමිණිය නොහැක්කේ එහි ගැඹුර අඩු නිසා ශරීරය වැසෙන සේ ජලය නොමැති වීමත්, පිහිනා යෑමට නොහැකි ලෙස ශරීරය මුහුදු පතුලේ ගැටීමක් සිදු වන නිසාත් ය.

“මෝරා” යනුවෙන් හඳුන්වන මසුන් විශේෂය ද දෙවැනි වන්නේ තල්මසාට පමණි ය. මෙයට අමතර ව තෝරා, බලයා, කෙලවල්ලා, ඉස්සා, පොකිරිස්සා, දැල්ලා ආදී මත්ස්‍යයන් වර්ග රැසක් නොයෙක් නාම වර්ග වලින් ජනතාව හඳුන්වනු ලබයි.

විශේෂයෙන්ම “ආඳා” මත්ස්‍ය වර්ගය ද දක්නට ලැබේ. මෙහි උප විශේෂයක් ලෙස “විදුලි ආඳා” හැඳින්විය හැක. ඔහුගේ හිස කොටසෙහි 6000 අ පමණ විදුලියක් ඇති බව ද, සොයා ගෙන ඇත. එනිසා විදුලි ආඳා ආසන්නයට වෙනත් මත්ස්‍යයන් පැමිණණීමේ අඩුවක් දක්නට ලැබේ. මෙයට අමතරව මුහුදු සිංහයා, මුහුදු අශ්වයා, මුහුදු බල්ලා, පෙන්ගුවින්, දිය කිඳුරා ද මුහුදේ ජීවත්වන අතර මුහුදේ ගල් මත බැඳී ජීවත්වන ඉකිරි, කවඩි, මිරිස්ස, මැට්ටි, බෙල්ලා යන ජීවීන් ද මුහුදු පැළෑටි සෙවල) ආහාරයට ගනිමින් ජීවත් වේ. “කැස්බෑවා” මුහුදු පතුලේ ඇති ගැඹුරුම ස්ථානයේ සිට ගොඩබිම දක්වා ඉතාම වේගයෙන් ගමන් කළ හැකි එකම මත්ස්‍ය විශේෂය වේ. කැස්බෑවා බිත්තර දැමීමට අවශ්‍ය වූ විට ආරක්ෂිතව ගොඩබිමට පැමිණ වෙරළ අත් පා වලින් හාරා බිත්තර දමා වැලි වලින් වසා නැවත සයුර දක්වා පිහිනා යයි. බිත්තර පැටව් බවට පත්වන කාල පරිච්ඡේදය දැනගැනීමට කැස්බෑවාට විශේෂ හැකියාවක් ඇත. මුහුදු පැළෑටි ලෙස ජලජ පැළෑටි මුහුදු පත්ලේ වැවේ. විවිධ පාසි වර්ග, ගල් මල්, හුණු ගල්, ඇල්ගී ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එම වර්ග “ඇමීබාවා” නමැති මුහුදු ජීවීන්ගේ ප්‍රතිනිර්මාණයකි. ජනතාව හුණුගල් පර ගල් මල් වශයෙන් හඳුන්වයි. මෙම හුණු ගල් පර දකුණු වෙරළ තීරයේ වැලිගම, ගාල්ල, හික්කඩුව, බූස්ස, රත්ගම ආදී ප්‍රදේශවල හා යාපනය ආදී ප්‍රදේශවල දක්නට ලැබේ.

“මුහුදු පැළෑටි” වගාව ද උතුරු මුහුදු තීරයේ යාපනය, කිලිනොච්චිය, කල්පිටිය ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් මුදල් උපයමින් පවතී. “මුහුදු පැළෑටි මෙට්‍රික්‌ ටොන් 16 ක් පමණ වියලා අපනයන කිරීමෙන් 2021 වසරේ දි විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ලබා දීමට ධීවර දෙපාර්තුමේන්තුව කටයුතු යොදා ඇත. දින 45 ක සුළු කාලයක් තුළ විශාල අස්වැන්නක් ලබා ගත හැකි මුහුදු පැළෑටි වගාවටත් මේ වන විටත් පාරම්පරිකව වෙනත් වෘත්තීන් වල යෙදෙන අය එක්වීම ද, ලංකාවට ඩොලර් උපයා ගැනීමේ එක් අවස්ථාවක් පවට පත් වී ඇත.

“කරිජිනන්” යනුවෙන් හඳුන්වනු ලබන මෙම මුහුදු පැළෑටිය රූපලාවන්‍ය නිෂ්පාදන, සුරතල් මත්ස්‍ය ආහාර, ඖෂධ හා දන්තාලේප සඳහා විශාල ලෙස භාවිතයට ගන්නා අතර මෙහි සාමාන්‍ය ලාංකීය මිල රුපියල් 250/- ක් පමණ වන බව ද ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය පවසා සිටී.)

මුළු රටට ම ඩොලර් සපයන මෙම සයුර අපේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වේගයෙන් දූෂණයට ලක් වී ඇති අතර එය මුහුදු ජීවීන්ගේ ජීවිතවලට පවා විශාල තර්ජනයක්ව පවතී.

ගංගා, ඇළ, දොළ හරහා සහ මහා සයුර වෙත රසායනික ද්‍රව්‍ය, රසායනික අපද්‍රව්‍ය, අපවිත්‍ර ජලය මෙන්ම තවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මුහුදු ජලය අපවිත්‍ර වීමෙන් මේ රටට ඩොලර් ගලා එන ආදායම් මාර්ග හීනවෙමින් පවතී. එ නිසා මේ වන විට මුහුදු ජීවීන්, මුහුදු පැළෑටි වලින් ඩොලර් උපයා ගැනීම සඳහා සියලු ජන කොට්ඨාසයක්ම එක්සත්ව කටයුතු කිරීමේ අවස්ථාව ද, ඉතා වැදගත් වේ.

සකස් කළේ – ලුණුගම්වෙහෙර තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චී

advertistmentadvertistment
advertistmentadvertistment