මිනිස් ජාවාරමට පාකිස්තානයත් වැට බඳී

103

වීසා වංචා සහ මිනිස් ජාවාරම්වල යෙදෙන පිරිස් අත්අඩංගුවට ගැනීම වේගවත් කර ඇති බව පකිස්තාන රජය පවසයි. ඒ අනුව මිනිස් ජාවාරම්කරුවන් 06 දෙනෙකු පාකිස්තානයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාවල්පිණ්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් මාලාවකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාව, ඩුබායි සහ කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා සැකකරුවන් විවිධ පුද්ගලයින්ගෙන් මිලියන ගණනින් මුදල් ලබාගෙන ඇතැයි සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment