මිනිස් ජාවාරම් මඬින්න විදේශ රැකියා පනත ඩිජිටල්කරණයට

106

මිනිස් ජාවාරම් මැඬලීමට තවත් පියවරක් ලෙස විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛව දත්ත තොරතුරු (Biomettric) ඇතුළත් කිරීමටත් විදේශ රැකියා පනත පූර්ණ ඩිජිටල්කරණය කිරීමටත් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.

මේ සඳහා ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය සිය එකඟතාව ද පළකර තිබේ.

තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පනත කඩිනමින් සංශෝධනය කිරීමටත් ඒ තුළින් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු පරිපාලනයට දේශපාලන පත්කිරීම්වලට ඇති ඉඩ අහුරාලීමටත් පියවර ගැනෙනු ඇති බවද ඇමැතිවරයා කීය.

විදේශ සේවා කාර්යාංශය යටතේ ලියාපදිංචි වී රැකියා සඳහා යන අයගේ ආරක්‍ෂාව කාර්යාංශය භාර ගන්නා නමුත් තැරැව්කරුවන්ගේ මිනිස් ජාවාරම්වලින් ශ්‍රමිකයන් මුදා ගැනීමට දැනට වඩා දැඩි නීති පියවර ගැනීමට පනත ශක්තිමත් කිරීම මගින් හැකිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment