මිනිස් ශ්‍රම පැය කෝටි 40 ක් තෙල් පෝලිම්වල දවසකට විනාශ වෙනවා

118

ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත් ජනතාවට අද අවශ්‍ය යුක්තිය සහ සාධාරණත්වයයි
රනිල් – රාජපක්ෂ ජනතා මර්දනය වහා නවතන්න

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කථා කරන අය දඩයම් කිරීම සඳහා ආණ්ඩුව මානසික භීතියක් රටපුරාම ඇති කරමින් යන බවත් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම සඳහා සිදු කරමින් යන මෙම මර්දනය වහා නතර කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (29 දා) සඳහන් කළේය.

ආර්ථික ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ජනතාවට අද අවශ්‍ය වෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය බවත්, නීතිය අවශ්‍ය වන්නේ හොරුන් ආරක්ෂා කිරීමට නොව ජනතාවට යුක්තිය ඉටු කිරීමට බවත් හෙතෙම කීවේය.

විජිත හේරත් මහතා ඊයේ එම අදහස් පළකලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

“රනිල් – රාජපක්ෂ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනතාව වෙනුවෙන් හඬ නඟන කණ්ඩායම් මර්දනය කරන්න දිගින් දිගටම ක්‍රියා කරනවා. ආණ්ඩුවේ මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස අපි බලපෑම් කරනවා. අපේ රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වී ඩොලර් බිලියන 52ක ණය කන්දක් ජනතාව මත ගොඩගැසී තිබෙනවා. මේ අවුරුද්දේ ගෙවන්න තිබුණු ඩොලර් බිලියන 7ක ණය වාරිකය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම නතර කර තිබෙනවා.

රට තුළ උද්ධමනය 60% ඉක්මවා ගිහින්. ආහාර උද්ධමනය ඊට වඩා තවත් වැඩියි.

ගෑස්, ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවමත් අවසන් නැහැ. පොහොර හිඟය, ඖෂධ හිඟය, රෝගීන් ප්‍රවාහනයට පවා තෙල් නැති වීම සහ දරු ප්‍රසූතියට ගෙන යා නොහැකි වීමෙන් දෙදෙනාම මිය යාම වැනි බරපතළ ගැටලු රාශියක් ඇති වී තිබෙනවා. වත්මන් ජනාධිපති හෝ මේ සමාජ ආර්ථික දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම සැලසුමක් නැහැ. ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් දවසකට ඉන්ධන පෝලිම්වල ඉන්නවා. දවසක වැටුප රුපියල් දහසක් කියා සිතුවොත් අඩුම වශයෙන් කෝටි 40ක මිනිස් ශ්‍රම පැය විනාශ වී යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට පාසල් හරියට පවත්වාගෙන යන්නේ නැහැ. ඔන්ලයින් අසාර්ථක බව වත්මන් අධ්‍යාපන ඇමතිවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

රටපුරාම සිටින ජනතාව තමන්ගේ අයිතීන් වෙනුවෙන්, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කළා. රටපුරා උද්ඝෝෂණවල සංකේතාත්මක හඬ ගෝල්ෆෙස් පිටියේ ඉතාමත් සෞන්දර්යාත්මකව ආදරයේ අරගලයක් හැටියට විවිධ ජන කොටස් සහභාගී වී පවත්වාගෙන ගියා. එදා සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී ආදරයේ අරගලය රාජපක්ෂ මැර කල්ලියේ ප්‍රහාරයෙන් මැයි 09 වැනිදා චප්ප කර දැම්මා. පොලිසිය බලාගෙන සිටියදී රාජ්‍ය බලය පාවිච්චි කරලා, මිලියන සංඛ්‍යාත ජනකායක් සජීවීව බලා සිටියදී ආදරයේ අරගලයට ප්‍රචණ්ඩත්වය මුදාහැරි රාජ්‍ය ත්‍රස්තවාදය නීතිය හමුවට ගෙන ආවේ නැහැ.

සිවිල් සංවිධාන හරහා මානව හිමිකම් සංවිධාන මැදිහත් වීමෙන් ත්‍රස්තවාදය මුදාහළ තුන් හතර දෙනෙක් නීතිය හමුවට ගෙනැවිත් මහ මොළකරුවන් මුදාහැරියා. මේ තුළින් අරගලය වෙනස් දිසාවකට පත්වෙමින් උත්සන්න වී මිලියන ගණන් ජනතාව එකතු වුණා. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පාර්ලිමේන්තුවෙන් පත් වුණා. මේ රනිල්-රාජපක්ෂ තමන්ට බලයට එන්න රැකරවණය දුන් රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කිරීමට හදිසි නීතිය පනවලා මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා.

ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ, වෙනත් ද්‍රව්‍ය පෝලිම්වල ඉන්න පොහොර ඉල්ලන අය ත්‍රස්තවාදීන්ද? හමුදා පොලිසිය නැතිව ඔබ පෝලිම් ළඟ විනාඩි පහක් ඉන්නා ලෙස අපි ඇමතිවරුන්ට අභියෝග කරනවා.

මහ බැංකු කොල්ලයේ ප්‍රධාන චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන්. මහ මොළකරු රනිල් වික්‍රමසිංහ. අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී රනිල් උත්තර දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් විවාහ මංගල්‍යයකට රටින් බැහැරව සිටින බවත්, තමන් ඇප වී ඔහු ගෙනත් දෙන බවත්, ප්‍රකාශ කරමින්. මේ රටේ ආර්ථිකය දැන් කඩාවැටී තිබෙන්නේ ඒ විනාශයන්ගේ ප්‍රතිඵල හැටියට. තෙල් පෝලිම්වල මිනිස්සු මැරෙන්නේ ආර්ථිකය කඩා වැට්ටීමේ ප්‍රතිවිපාක විදිහට.

අද කැබිනට් මණ්ඩලයේ මුල් පුටුවේ ඉන්නේ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු. මිලියන 62ක් කප්පම් ගත්ත බවට මහාධිකරණයේ ඔප්පු වුණු පුද්ගලයන් අමාත්‍ය ධුර දරනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment