මිනිස් සිතට අභියෝග කර ගණන් හදන රෝස පැටික්කී

695

ජන නායකයන්ගේ පිංතූර හඳුනාගන්නත් හපනෙක්

ඉගෙන ගැනීමට පාසලකට නොගියත් පෙර පාසල් දහම් පාසල් විද්‍යාලීය මානවක මානවිකාවන්හට ඇය ගණිත පාඩම් කියාදීමට සමත් ය.

ශ‍්‍රී ලංකාවේ නිදහසින් පසුව දේශපාලනයේ නිරත රාජ්‍ය නායිකාවන් කවුරුන්දැයි හඳුන්වාදීමට පසුබට නොවන්නීය.

අවුරුදු 03ක් වන ඇය ඉපදී ඇත්තේ පාද හතරකින් යුතු මවකගේ කුස තුළය. අපේ මේ කතා නායිකාවට ගණන් හැකියාව අපූරු මතක ශක්තියක් ඇත්තේය. ඇයගේ නම රෝසි ය.

පුදුම නොවන්න ඇය සුනඛ පැටික්කියකි. හලාවත මාදම්පෙ සුදුවැල්ලේ සිට බුලත්සිංහල දියකඩුව ගමට මෙයට අවුරුදු 02කට පෙර පැමිණි රෝසි ගේ විශ්මිත හැකියාව මිනිස් සිතුවිලි උඩුයටිකුරු කරයි.

දිලීප දිනූෂ් රෝසිගේ භාරකරුවා ය. ඔහු දිවයිනේ ඕනෑම ස්ථානයකදී රෝසිගේ ගණිත හැකියාවන් දේශපාලනයේ නිරත චරිත පිළිබඳව හඳුන්වාදීමේ භාරධුර අභියෝගයක් වගකීමෙන් යුතුව භාරගැනීමට සූදානම් ය.

ඔබ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා කවුදැයි රොසිගෙන් අහන්න. මහාමාන්‍ය ඞී. එස්. සේනානායකගේ රුව ඇය උද්දාමයෙන් යුතුව දිවගොස් පෙන්වයි. ශ‍්‍රී ලංකාවේ පළමුවන කාන්තා අගමැතිතුමිය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පෙන්වයි. ඉලක්කම් එකතු කිරීමට ඉලක්කම් අඩු කිරීමට බෙදීමට, වැඩිකිරීමට රෝසිට හැකිය. මේ පුහුණුව දී ඇත්තේ දිලීප මාමායි. දිලීප දිනූෂ් කියන්නේ රෝසි තමන්ගේ නම කුමක්දැයි ඇසූ විටදී වත්තේ ඇති රෝස මල් ගොමුවකට දිවගොස් රෝස පොකුරක් රැුගෙන විත් පෙන්වන බවයි.

බෞද්ධ අපි විවිධ ආත්ම ගැන දැඩි විශ්වාසයෙන් ජීවත් වෙයි. මේ අපේ රෝසිත් පෙර සංසාරේ මනුෂ්‍ය ජීවිතවල ඉපදෙන්නට ඇති. සමහර විටදී රෝසි අපගේ මවක, සොහොයුරියක වෙලා ඉපදී ඉදින්නටත් පුළුවනි. කොහොම වුණත් රෝසිගේ මතක ශක්තිය නම් විශ්මය දනවන කරුණකි.

රෝසිව මුලින්ම අපේ මාමා තමයි හඳුනාගෙන තිබුණේ. ඇයට මාස 06 විතර වනවිටදී ඇය අපේ නිවසේ අපි කතාබහ කරනකොට ඉතා මැනවින් ළංවෙලා සවන්දීමට පුරුදු වුණා.

මේ සත්ත්වයාට පුහුණුවක් ලබාදීමේ අභියෝගය මේ නිසා මාමා භාරගත්තා. රෝසිට මේ ගණිත පුහුණුවය ලබාදීපු මාමා රෝසිව හොඳින් ආරක්‍ෂා කරන්න කියලා මට පැවරුවා. මාමාගේ නම මාදම්පෙ රූපන් පෙරේරායි. හතේ ඉලක්කම පෙන්වන්නැයි රෝසිට කීවොත් රෝසි එය පෙන්වයි. හතරේ ඉලක්කමට පහක් එකතු කරන්නැයි කී විටදී 09 ඉලක්කම රැුගෙන එන්නීය. බෙදීම අඩු කිරීමට වැඩි කිරීමට රෝසි සමත් ය.

රෝසිගේ මේ හැකියාව නරඹන්නට පාසල් දරු දැරියන්හට පාඩම් කියා දෙන්නට බුලත්සිංහල ප‍්‍රදේශයේ විද්‍යාලවලින් දැඩි ඉල්ලූමක් තිබේ.

0 – 9 දක්වා ඉලක්කම් තැබූ විට දී ඇය ගණන් පෙන්වා දෙයි. රාජ්‍ය නායක රූප ඉදිරිපත්කර නම ඇසූ විටදී රුවක් රැුගෙන පෙන්වයි. මේ රෝසි ගණිත ගැටලූ මනෝමයව විසඳන ආකාරය හා රාජ්‍ය නායක නායිකාවන් හඳුන්වා දෙන අයුරුයි.

නන්දන ශ‍්‍රී කෝට්ටේගොඩ – පාලින්දනුවර

advertistmentadvertistment
advertistmentadvertistment