මිනී මරා නැවතුණ විනෝද චාරිකාව – බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

909

ත්‍රිරෝද සහ වෑන් රථ රියැදුරන් දෙදෙනාත් එතැනමයි
බස් රථයේ රියැදුරා රිමාන්ඩ්
තර්ස්ටන් සිසුන් 41ක් ගුරුවරුන් දෙමව්පියන් ඇතුළු 53 දෙනෙක් තුවාල ලබති
දික්ඔය සිංහල දෙමළ මුස්ලිම් ජනයා
නගරය පුරා සුදු කොඩි ඔසවා සොව පළ කරති

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා එන්න තෝරගන්නේ සරසපු අධික ශබ්ද නිකුත් කරන හෝන් තියෙන සංගීත සංදර්ශනයක වගේ අධික ශබ්ද සමගින් ගීත අහල නටන්න පුළුවන් වාහන. පාරේ යනකොට කෑගහලා දෙයක් කිව්වත් ඇහෙන්නේ නෑ

පාලනයක් නැතුව යනකොට බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. එහෙම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව මේ පාරේ මාසකට මේ වගේ බරපතළ අනතුරු එකක් හරි සිදු වෙනවා

අද උසස් පෙළ ලියන්න සිටි අන්වර් හම්රා දියණිය රෝහලේ ජීවිත සටනක

බර වාහනවලට අනතුරුදායක පාර වැසේ

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී 20 දින රාත්‍රියේ සිදුවූ රිය අනතුරින් මියගිය හැටන් දික්ඔය නගරයේ පදිංචි එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු 22 දින අලු‍යම හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී සිදු කෙරිණ.

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ අබ්දුල් රහීම් (54) පියා, ඒ.අයේෂා (42) මව, මොහොමඩ් සයිම් (14) ඥාති පුතා, ඒ. මරියම් (11) දුව, ඒ. හබිනා (07) දුව යන අයයි.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදුකළ විශේෂ යාඥාවකින් පසුව මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකළ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

අබ්දුල් රහීම් සහ ඥාති පුතා වන මොහොමඩ් සයිම් එකම සොහොන් වළක සහ මව, දියණියන් දෙදෙනා එක් සොහොන් වළක මිහිදන් කරනු ලැබූහ.

එම වෑන් රථයේ එම පවුලේ ඥාතීන් දස දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ අනෙකුත් සිව්දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මොහොමඩ් සයිම් හැටන් ශා/පෝන් බොස්කෝ විදුහලේ ඉගෙනුම ලබන අතර දියණියන් දෙදෙනා වන මාරියම් හා පාතිමා හබීනා යන දෙදෙනා හැටන් ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බවත් මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ ජීවත් වන අසනීප තත්වයේ පසුවන තම ඥතියකු බැලීම සඳහා අබ්දුල් රහිම් නමැති අය තම පවුලේ පිරිස සමග නුවරඑළිය බලා යන විට මෙම අනතුර සිදුව ඇති බව ඔවුන්ගේ ඥාතියකු පවසන ලදී.

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

එමෙන්ම අබ්දුල් රහීම් මහතාගේ ඥතීන් හතර දෙනකුද මෙම ගමනට එක්ව ඇති අතර එම පිරිසද තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එයින් එක් අයකු බරපතළ තත්වයේ පසුවන බවත් එම ඥාතියා වැඩිදුරටත් පවසන ලදී.

මෙම අනතුරින් තුවාල ලැබූ අන්වර් හම්රා අවුරුදු 18 දුව නුවරඑළිය රෝහ‍ලේ ප්‍රතිකාර ලබන බවත් අන්වර් හම්රා යන අයගේ තත්වය බරපතළ බවත් එම දියණිය හැටන් ශා/ගේබි්‍රයල් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන බවත් එම දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි බවද එම ඥාතියා තව දුරටත් පැවසීය.

මෙම පස් දෙනාගේ හදිසි වියෝවත් සමග මුලු‍ දික්ඔය නගරයම ශෝකයෙන් ඇලලී ගොස් ඇති අතර එම වියෝවන් වෙනුවෙන් දික්ඔය ප්‍රදේශයේ ජනතාව ශෝකය පල කිරීම සඳහා නගරයේ සියලු‍ම වෙළෙඳසල් වසා දමා මුලු‍ නගරයම සුදු කොඩිවලින් සැරසීමට පියවර ගෙන ඇත‍.

ඉස්ලාම් භක්තිකයන් මියගිය විට සුදු කොඩි දැමීමක් හෝ විවිධ සැරසිලි කිරීමක් සිදු නොකරන නමුත් මෙසේ මියගිය තම හිතවතුන්ට ශෝකය පල කිරීම සඳහා දික්ඔය ප්‍රදේශයේ සිංහල ද්‍රවිඩ ජනතාව එක්ව නගරය සැරසීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා මුස්ලිම් ජනතාවගේද සහාය ලබා දීමට ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද පියවර ගෙන ඇත.

මෙම පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා දේවස්ථානයට අයත් ඉස්ලාම් සුසාන භුමියේදී 21 වන දින මධ්‍යම රාත්‍රියේම සිදු කරන ලදී.

මෙම අනතුරෙන් මියගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ආර්.එන්.පී.දිනේෂ් (27) සිරුර හැටන් කුඩාගම ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දිනේෂ්ගේ අවසන් කටයුතු 23 දින කුඩාගම පොදු සුසාන භුමියේදී සිදු කරන බව පවුලේ ඥාතීන් පැවසීය.

අනතුර සිදුකළ අවු. 62 හැවිරිදි බස් රථයේ රියැදුරා නානුඔය පොලිසිය විසින් 21 දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 20 දින රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වතුයාය ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත් කරමින් බස් රථය මීටර් 100ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබුණි.

බස් රථයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් 41, ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර එම තුවාලකරුවන්ගෙන් 43 දෙනෙකු 21 දින පස්වරුව වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 10 වසරෙන් ඉහළ ළමුන් ගුරුවරුන් සහ දෙමව්පියන් බස් රථ කිහිපයකින් නුවරඑළිය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇත.

අනතුරු සිදුවී විනාඩි කිහිපයක කාලයක් ගත වීමටත් පෙර හැටන් ශ්‍රී පාද රාජකාරි යෙදී සිටි නුවරඑළිය තුන්වන සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් විසි දෙනකු රැගත් සන්නද්ධ රථයක් එම ස්ථානයෙන් යන විට අනතුර දැක වහාම ක්‍රියාත්මක වූ ඔවුන් ජීවිත බේරා ගැනීමට නුවරඑළිය හා නානුඔය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමග එක්ව කටයුතු කළ බව නුවරඑළිය තුන්වන සිංහ රෙජිමේන්තු කඳවුරේ අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න සංජීව ඳ බෝයගොඩ මහතා පැවසුවේය.

ප්‍රදේශවාසීන් කියා සිටියේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කියන්නේ කිරිමැටිය හරහා ගමන් කරන හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අබලන් වෙලා ඒක හරියට හදනකන් තාවකාලිකව භාවිතා කරන්නට දුන්නු පාරක්.

ඒ පාර භාවිතා කරන හැමදෙනෙකුටම තැන් තැන්වල බෝඩ් ගහලා අනතුරු හඟවලා තියෙනවා ලොකු ගියර් වල විතරක් පහලට වාහන අරන් යන ලෙස. ඒත් තෙල් ඉතුරු කරගන්න ඕන නිසා රියැදුරන් පොඩි පොඩි ගියර් දාලා පහලට පාගනවා.

එහෙම පාලනයක් නැතුව යනකොට බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. එහෙම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව මේ පාරේ මාසකට මේ වගේ බරපතළ අනතුරු එකක් හරි සිදු වෙනවාමයි.

මීළඟ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා එන්න තෝරගන්නේ සරසපු අධික ශබ්ද නිකුත් කරන හෝන් තියෙන සංගීත සංදර්ශනයක වගේ අධික ශබ්ද සමගින් ගීත අහල නටන්න පුළුවන් වාහන. පාරේ යනකොට කෑගහලා දෙයක් කිව්වත් ඇහෙන්නේ නෑ එයාලට.

අනතුර පිළිබඳ අදහස් දැක්වූ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ පාසලේ දරුවන්ට කිසිදු හානියක් නො වුණ ද අනතුරින් පාසල් වයසේම පසුවන දුවා දරුවන් හා අසරණ අහිංසක පිරිසක් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ තමන්ගේ දැඩි කනස්සල්ල හා ශෝකය ප්‍රකාශ කරන බවයි.

අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය (21) දින සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇති අතර එම මාර්ගයේ සැහැල්ලු‍ වාහන පමණක් ධාවනය කිරීමට නානුඔය පොලිසිය අවසර ලබා දී ඇත.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක, මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, හැටන් මනුර සුදත් සෙල්ලහේවා

බස් රියැදුරා රිමාන්ඩ්

මිනී මරා නැවතුණ විනෝද චාරිකාව - බස් මාරයාට බිලි වූ 7ක් මිහිදන් කෙරෙති

නානුඔය රිය අනතුරේ බස් රථ රියැදුරා පෙබ. 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා 22 දින නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හොරණ කුඩාඋදුව ප්‍රදේශයේ පදිංචි ඉගුරගේ ඤාණරත්න (62) යන අයයි.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී නානුඔය පොලිසිය විසින් රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී එම සැකකරුගේ රෝගී තත්වය පිළිබඳ සොයා බැලීමට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගිය මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment