මියගිය අයගේ පවුල්වලට අපේ ජනපති සොව පළ කරයි

133

ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුරෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ ඉන්දීය රජය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළකර ඇත.

දුම්රිය අනතුර සැලවීමත් සමඟ තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවුඩයක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත.

එම පණිවුඩය මගින් ජනාධිපතිවරයා තවදුරටත් දැනුම්දී ඇත්තේ මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි.

අනතුරින් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළකර සිටින ජනාධිපතිවරයා තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කර ඇත.

එමෙන්ම අපේක්‍ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණදීමට ඉන්දීය රජයට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment