මියගිය කැස්බෑවන් පස්දෙනකුගේ මළ සිරුරු ගාල්ලට ගොඩගහලා

152

මියගිය කෑස්බෑවන් පස්දෙනකුගේ මළ සිරුරු පෙරේදා (15 දා) දින ගාල්ල සමනළ පාළම අසල, ගිංතොට, බෙන්තොට, කොස්ගොඩ හා බේරුවල යන වෙරළ තීරයන්ට ගසාගෙන විත් තිබියදී හමුවී ඇති බැව් ගාල්ල වනජීවි නිලධාරි උත්පල උදාරංග මහතා පවසයි.

මෙකී කැස්බෑ මළ සිරුරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අත්තිඩිය පංශු වෛද්‍ය ඒකකයට යොමුකිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

මේ කාලය තුළ ගාල්ල, උණවටුන, නාරිගම, දොඩන්¥ව, ඉඳුරුව, කොස්ගොඩ යන වෙරළ තීරයන්ට ගසාගෙන විත් තිබූ කැස්බෑ මරණ 12ක් පමණ හමුවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment