මියගිය කෝටිපතියාගේ බැංකු ගිණුමෙන් මුදල් ඇදීමට ගිය අය රිමාන්ඩ්

677

කිරුළපන ප්‍රදේශයේ ධනවතකු මියගිය පසු ඔහු විසින් බැංකුවක තැන්පත් කර තිබූ කෝටි ගණනක මුදලක් ව්‍යාජ අත්සන් යොදා බැංකුවෙන් රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සැකකරු මියගිය පුද්ගලයාගේ අත්සන හොරට යොදා ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට ද තැත් කර ඇති අතර ඔහු එම අත්සන යොදන මොහොතේ සැකකරු වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් කිරීමට පැමිණ සිටි පුද්ගලයාද පොලිසිය භාරයට ගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ මුදල් මෙලෙස බැංකුවෙන් ලබා ගැනීමේ සිද්ධිය පිටුපස තවත් පුද්ගලයකු සිටින බවට ද පොලිසිය සැකකරයි.

ගිණුම් හිමි කෝටිපතියා මියගිය බවට බැංකුවට ආරංචි වී තිබියදී සැකකරු මෙම වංචාව සිදුකිරීමට ක්‍රියාකර ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment