මියගිය පළාත් සභා යාවත්කාලීන කිරීමට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි

206

මියගිය පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය.

රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක‍්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා. එහි තිබුණු අඩුපාඩුකම් එහි තබුණු දුර්වලතා ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑයි කියලා කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනවනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒක නිසා ප‍්‍රජා යාන්ත‍්‍රණය යාවත්කාලීන කිරීම, රාජ්‍ය යාන්ත‍්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත‍්‍රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සලකලා බලලා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගි විරසකයන් ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විදිහට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථා.

ඒ අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොට ම නිරායාසයෙන්ම ඡුන්ද ක‍්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි

මියගිය පළාත් සභා යෝජනා ගෙනැල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනැල්ලා අලූතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයක් නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක‍්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි යැයි ද කීහ.

ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment