මියගිය ප්‍රංශ තානාපති ගැන තීරණය අද

645

මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රාන්කොයිස් පැක්ටෙක් මහතාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.ඒ අනුව ඔහුගේ අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද එසේත් නොමැති නම් දේහය ප්‍රංශයට ගෙන යන්නේ ද යන්න පිළිබඳව අද අවසන් තීරණයක් ගන්නා බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.ඒ මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී ඊයේ පස්වරුවේ වැලිකඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගනු ලැබීය.හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.මිය යනවිට ප්‍රංශ තානාපතිවරයා 53 හැවිරිදි වියේ පසුවුණි.

advertistmentadvertistment
advertistmentadvertistment