මියගිය සරත්ව පණපිටින් දැක දුවලා

804

සරත් හා හා පුරා කොළඹ ආවේ අලූත් රස්සාවට අදාළ පත්වීමත් රැගෙනය. බොරැල්ලට කිට්ටු මෙකී ආයතනයට ඔහු එනවිට හිරිමල් තරුණයෙකි.

කාලයත් සමග සරත් විවාහ වූයේ නිසි කලවයස පැමිණි පසුවය. මේ අතර කාලයේ ඔහු වැඩ කළ කාර්යාලයට තරුණියක ආවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙසිනි. ඇය රූමත්ය. හැඩකාරය. කතාබහේ සිට සියල්ල ප‍්‍රිය මනාපය.

සරත්ගේ සිත ඇය සොරා ගනිද්දී ඇගේ සිතත් ගතත් දෙකම සරත් සොරා ගත්තේ මහත් පරිශ‍්‍රමයකින් පසුවය.

අනියම් පේ‍්‍රමය ගිනි දළු මත වැඩිණි. කාර්යාලයේ අයට නම් ඒ පේ‍්‍රමය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබිණි.

කාලය ගෙවී ගියේ අනියම් පේ‍්‍රමයද සමගිනි.

මේ කියන කාලෙයේදී සරතුත්, සීතාත් වැඩකළ කාර්යාලයට අලූත් තරුණ ගැටවු දෙන්නෙත් බඳවාගෙන තිබිණි.

දහවල් කෑම පැයේදී සරතුත්, සීතාත් එකට ආහාර කන හැටි උදෙත් සවසත් එකම වාහනයේ කාර්යාලයට යන එන හැටි දුටු අලූත් තරුණයින් සිතුවේ ඒ දෙදෙනා අඹු සැමියන් වන්නට ඇතැයි කියාය.

මේ අල්ලපනැල්ලේ සීතාගේ සැමියා මියගියේ හෘදයාබාධයකිනි. කාර්යාලයේ අය වරින් වර අවමගුලට ගියේ නොයාම බැරි නිසාය.

අලූතින් කාර්යාලයට පැමිණි තරුණයින් දෙදෙනාද වත්තල පිහිටි සීතාගේ නිවස සොයා ගියේ රාත‍්‍රියකය.

අවමගුල් නිවසට යන පාර අසල විදුලි කණුවක් යට සීතාගේ සැමියා පණ පිටින් දුටු තරුණයින් දෙදෙනා පණ එපා කියා පැන දිව්වේ හොල්මනක් හොල්මනක් කියමිනි.

ඊළ`ග දවසේ කාර්යාලයට ගිය තරුණයින් දෙදෙනාට කරුණ තේරුම් ගියේ අනෙක් අය කී කතාව ඇසූ පසුවය.

මැරිලා ඉන්නේ සරත් නෙවෙයි ළමයෝ. සිතාගේ කසාද මිනිහා

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment