මියගිය ෆතුමා සහ ජීවත්වන ෆාතිමාලා රටට කියන කතාව

1735

මට්ටක්කුලිය, මාලිගාවත්ත සූදු රාජධාණියේ කතාව

දිනය පසුගිය 4 වැනිදාය. සපුගස්කන්ද පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇමතුම ලබාදුන් පුද්ගලයා මෙලෙස පැවසුවේය.

”සර් මාබිම පාර අයිනේ කුණු ගොඩක ලොකු බෑග් එකක් තියනවා. කුණු ගඳකුත් එනවා. පේන විදිහට කාවහරි මරලා බෑග් එකේ දාලා තියනවා. ඉක්මනට ඇවිත් බලන්න.”

ඇමතුමට අනුව සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණි නිලධාරීහු කසළ ගොඬේ තිබූ ගමන් බෑගය පරීක්ෂා කළහ. එහිදී ඔවුනට එම ගමන්මල්ලේ තිබී කුණු වී විකෘති වී තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට හැකි වූහ. කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට නොහැකි වන සේ විකෘති වී තිබුණි. එමනිසා පොලිස් නිලධාරීන්ට ඇය කාගේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා ගැනීම බරපතල ප‍්‍රශ්නයක් වී තිබුණි.

ඒ වන විටත් සපුගස්කන්ද ප‍්‍රදේශවාසීන් මෙම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන්ගෙන් කළ විමසීම්වල දී අනාවරණය වූයේ ඝාතනයට ලක් වූ කාන්තාව එම ප‍්‍රදේශයේ කෙනෙක් නොවන බවයි. එම මළ සිරුර තිබූ ස්ථානයේ සහ ඒ අවට සීසීටීවී කැමරා පද්ධතියක් ද නොතිබුණි. එම නිසා මෙම අභිරහස් ඝාතනය ගැන සෙවීම පොලිසියට විශාල ගැටලූවක් වී තිබුණි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිසිය මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. ඔහු සපුගස්කන්ද පොලිස් නිලධාරීන්ට මෙලෙස පැවසුවේය.

”කොළඹ අවට සෑම පොලිසියකට මේ පිළිබඳව දැනුම් දෙන්න. විශේෂයෙන් ම අතුරුදන් වෙච්ච කාන්තාවන් ගැන ලැබිලා තියෙන පැමිණිලි විමර්ශනය කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මෙම කාන්තාව ගැන අපට තොරතුරක් සොයා ගන්න පුළුවන් වේවි. සීසීටීවී කැමරාත් බලන්න. අපි ඉක්මනටම මේ අපරාධයේ සුලමුල සොයා ගන්න ඕනා.”

මියගිය ෆතුමා සහ ජීවත්වන ෆාතිමාලා රටට කියන කතාව

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීහු බියගම සහ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ අතුරුදන්ව සිටී කාන්තා පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළහ. බියගම ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ අවුරුදු 33 ක කාන්තාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළහ. එහි දී දැනගන්නට ලැබුණේ එම මුස්ලිම් කාන්තාව තම විවාහක සැමියා අතහැර වෙනත් පුද්ගලයකු සමඟ ජීවත් වන බවයි. එම කාන්තාව ජීවතුන් අතර සිටින නිසා ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන නවතා දැමුහ.

බ්ලූමැන්ඩල් පොලිසිය වෙත ලැබී තිබුණු කාන්තා අතුරුදන්වීම ගැන පරීක්ෂණ ආරම්භ කළහ. එලෙස අතුරුදන් වී තිබුණේ අවුරුදු හතළිස් දෙකක් වයසැති මොහොමඞ් ෂාෆි ෆාතුමා නමැති දෙදරු මවකි. ඇය පදිංචිව සිටියේ මට්ටක්කුලිය ප‍්‍රදේශයේය. ඇය අතුරුදන් වූ සිටියේ පසුගිය මස 28 වැනිදා සිටයි. පොලිස් නිලධාරීහු ඇයගේ ස්වාමි පුරුෂයා සහ දරු දෙදෙනා රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියහ. ඒ පසුගිය 4 වැනිදා සපුගස්කන්ද ප‍්‍රදේශයෙන් සොයාගත් කාන්තාවගේ මළ සිරුර පෙන්වීම සඳහාය. ඒ වනවිටත් එම මළ සිරුර හඳුනා ගැනීමට නොහැකි වන සේ විකෘති වී තිබුණි. ඇඳ සිටි සල්වාරි ඇඳුමෙන් සහ නාසයේ පැළඳ තිබූ කුඩා කරාබුවෙන් ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනා ඇයව හඳුනා ගත්හ. ඒ අනුව පොලිසිය මළසිරුර කාගේදැයි හඳුනා ගත්තේය. ඉන්පසු ඔවුන්ගේ අභියෝගය වූයේ මෙය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීමයි.

පළමුව ඇයගේ ස්වාමි පුරුෂයාගෙන් කටඋත්තර ලබා ගත්තේය. එහිදී ඔහු මෙලෙස පැවසුවේය.

”මගේ නෝනා පසුගිය 28 වෙනිදා නිවසින් පිට වෙලා තියෙනවා. ඒ රොෂානා කියන කාන්තාව සමඟ. හවස් වන තුරු නෝනා ගෙදර ආවේ නැහැ. ජංගම දුරකථනයට ඇමතුම් ගත්තා. වැඩ කළේ නැහැ. දන්න කියන තැන්වලත් හොයල බැලූවා. කිසිම තොරතුරක් නැහැ. බැරිම තැන තමයි පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දැම්මේ.”

පාතුමාගේ සැමියා ගෙන් ලද ඒ තොරතුරු අනුව පොලිස් නිලධාරීහු මට්ටක්කුලියේ පිහිටි රොෂානාගේ නිවස වෙත ගියහ. එලෙස යනවිට රොෂානා සහ ඇගේ සැමියා නිවසේ සිටියහ. පළමුව පොලිස් නිලධාරීන් රොෂානාගේන් ප‍්‍රකාශයක් ලබා ගත්තේය. එහිදී ඇය මෙලෙස පැවසුවාය.

”මම 28 වැනි දා පාතුමා එක්ක මුද්දක් බේර ගන්න ගියා. මගේ සහෝදරයාගේ ත‍්‍රීවිල් එකේ තමයි ගියේ. මුද්ද බේර ගත්තට පස්සේ පාතුමා අක්කා ලෙල්ලමෙන් බැස්සා තව ගමනක් යන්න තියෙනවා කියලා. ඊට පස්සේ පාතුමා අක්කා ගැන කිසිදු තොරතුරක් ආරංචි වුණේ නැහැ.”

රොෂානා ලබාදුන් තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීහු මෝදර ලෙල්ලම ප‍්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කළහ. එහෙත් පොලිසියට පාතුමා බැස ගිය ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූහ. ඉන් පසු පොලීසියට රොෂානා ගැන සැක සිතුනි.

රොසානා ගැන සැක සිතු පොලිසිය නැවත ඇයගේ නිවසට ගියේය. ඒ යන විට එම නිවස දොරගුළු දමා වසා තිබුණි. ”කෝ මේ ගෙදර හිටිය මිනිස්සු” පොලිසිය අසල්වාසීන්ගෙන් ප‍්‍රශ්න කළහ.

”ඒගොල්ලො බඩු මුට්ටුත් අරන් යන්න ගියා. කොහේ ගියාද කියලා අපි දන්නේ නැහැ.” අසල්වාසීන්ගෙන් පොලිසියට ලැබුණේ එවැනි මෙවැනි පිළිතුරකි.

මෙම ඝාතනයට රොෂානාගේ සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා ඉක්මනින්ම ඇයව සොයා ගන්න ඕනා. ඒ අනුව රොෂානාගේ නිවසේ බඩු පටවාගෙන ගිය ලොරියේ රියදුරුව සොයා ගැනීමට පොලිසියට හැකිවිය. පොලිස් නිලධාරීහු ඔහුගෙන් ප‍්‍රශ්න කළහ.

”සර් මේ ගෙදර අය බඩු පටවාගෙන මිනුවන්ගොඩ පැත්තේ මුස්ලිම් ගම්මානයකට තමයි ගියේ. මම තමයි ඒගොල්ලොන්ව හයර් එකට ගිහින් ඇරලූවේ.”

ලොරි රථ රියදුරු එලෙස පැවැසුවේය. එම තොරතුරුවලට අනුව මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ මුස්ලිම් ගම්මානයට ගිය පොලිස් නිලධාරීහු රොෂානා සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට පත්වූ පසුත් රොෂානා හඬා වැලපෙමින් පැවසුවේ මෙම මරණයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එහෙත් පොලිසිය එය පිළිගත්තේ නැත. රොෂානා සහ ඇගේ සැමියා දෙපසකට කර පොලිස් නිලධාරීහු යළි ප‍්‍රශ්න කළහ. එම ප‍්‍රශ්න කිරීම් හමුවේ දී තවදුරටත් ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි වූවාය. ඒ අනුව ඇය එම ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳව අකුරක් නෑර මෙලෙස පැවසුවාය.

”පාතුමා අක්කා මට්ටක්කුලිය පදිංචි කෙනෙක්. එයා සල්ලි පොලියට දෙනවා. බුරුවා ගස්සනවා. එයත් බූරු ගහනවා. එයාගේ ප‍්‍රධාන ආදායම් මාර්ග ඒව තමයි. මේ සම්බන්ධයෙන් ඇය ගම් ප‍්‍රදේශයේත් ප‍්‍රසිද්ධියක් උසුලනවා. එයා මගේ හොඳම යාළුවා.”

”මගේ සැමියාට හරිහමන් රැකියාවක් නැහැ. මගේ සහෝදරයෙක් ඉන්නවා නවුෂාඞ් කියලා. එයා කුඩු ගහනවා. අපේ ගෙදර තමයි හිටියෙ. මම හතර වටේට ණය වෙලා ඉන්නේ. මේ ගේත් උගස් කළා පාතුමා අක්කට. අපි අධික ණය බරකින් හිටියේ.”

”පසුගිය 28 වැනි දා උදෑසන අපි පාතුමා අක්කව හම්බ වුණා. එයා මට කීවා උගස් කර ඇති මුද්දක් බේරගන්න යමු කියලා. මගේ සහෝදරයා වන නවුෂාඞ්ගේ ත‍්‍රීවිල් එකෙන් තමයි අපි මට්ටක්කුලියට ගියේ ඒක බේරගන්න.”

”එයා ඒක බේරන අතර මගේ සහෝදරයා කිව්වා පාතුමා ළඟ ගොඩක් සල්ලි තියෙනවා. අතේ කරේ තියෙන රත්තරන් බඩු ලක්ෂ අටක් විතර වටිනවා. ඒක නිසා අපි මෙයාව ගෙදර එක්කන් ගිහිල්ලා සල්ලියි රත‍්‍රං බඩු යි ගමු කියලා.”

”සල්ලි නැතිව හිටි මම එම යෝජනාවට කැමති වුණා. ඊට පස්සේ පාතුමා අක්කා ව අපේ ගෙදර එක්කරගෙන ගියා. මම එයාට තේ එකක් දුන්නා. ඒක බොන අතර මගේ සහෝදරයා යකඩ පොල්ලකින් පාතුමාගේ ඔළුවට ගැහුවා. ඒ පාරට එයාව ඇද ගෙන වැටුණා. එතනින් නොනැවතුණු ඔහු තවත් යකඩ පොලූ පහරවල් කිහිපයක් ගහලා ඇයව මරලා දැම්මා.”

”මුලින්ම රත්තරන් බඩු ටික ගලවා ගත්තා. එයාගෙ පර්ස් එකේ රු. ලක්ෂ දෙකක් විතර තිබුණා. ඒ සේරමත් අපි ගත්තා. පස්සේ ගෙදර තිබුණු ගමන් බෑගයක පාතුමාගේ සිරුර දැම්මා. ඒ දාලා මගේ සහෝදරයා එළියට ගියා කුඩු ගහන්න. ඒ යනකොට ඔහු මට කිව්වා සල්ලි සහ රත්තරන් බඩුවලින් බාගයක් මට දෙනවා කියලා.”

”හවස් වෙනකන්ම මගේ සහෝදරයා ආවෙ නෑ. ඒ වෙනකොට සැමියා ගෙදර ආවා. එයාට මම විස්තරය කිව්වා. ඒක අහපු සැමියා කිව්වා මිනිය කොහේ හරි ගිහින් දාමු කියලා. ඒත් අපිට ලොකු අදහසක් තිබුණෙ නැහැ. ඒක නිසා පහුවදා වෙනතුරු මිනිය ගේ ඇතුළෙ තියාගත්තා.”

”අපේ ෆ‍්‍රිජ් එක කැඩිලා තිබුණේ. සැමියා කිව්වා ඒක හදන්න යන විදිහට මේ මිනිය තියන බෑග් එකත් අරගෙන යමු කියලා. අපි ලොරි රථයකට කතා කළා. ෆ‍්‍රිජ් එක පටවන ගමන් මිනීය තියෙන බෑග් එකක් ලොරියට පැටෙව්වා. ශීතකරණ හදන තැනකට ඒක අරගෙන ගියා. ඉන්පස්සෙ බෑග් එකත් එතන බා ගෙන ලොරි රථය පිටත් කළා.”

”පස්සේ ත‍්‍රීවීල් එකකට කතා කරලා ඒ බෑග් එක එතනින් පටව ගත්තා. සපුගස්කන්ද මාබිම ප‍්‍රදේශයට ඒක අරන් ගියා. පාළු තැනක බෑග් එක දාලා අපි යළිත් ගෙදර ආවා. එහෙත් කවදාවත් අපි හිතුවේ නෑ අපිව පොලිසියට අහු වෙයි කියලා.”

ඒ අනුව මොහොමඞ් ශාෆි පාතුමාගේ ඝාතනයට සැකපිට රොෂානා සහ ඔහුගේ සැමියා වන බාබුව අත්අඩංගුවට ගත්හ. එම ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයා වන නවුෂාඞ් ඒ මොහොත වන විටත් එම ප‍්‍රදේශයෙන් පලාගොස් තිබුණි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී. මෙම මරණයත් සමඟ මුස්ලිම් කාන්තාවන්ගේ සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් රැසක් සමාජයට දැනගන්නට ලැබුණි. බහුතරයක් සිතා සිටිනුයේ මුළු ශරීරයම වැසෙන ලෙස ඇඳුම් ඇඳගෙන සිටින මුස්ලිම් කාන්තාවන් ඉතා අහිංසක බවයි. එහෙත් එසේ නොමැත. බහුතරයක් මුස්ලිම් කාන්තාවන් එම ඇඳුමට සහ ආගමට මුවාවී සමාජ විරෝධී කටයුතුවල නියැලෙති.

ඝාතනයට ලක්වූ පාතුමා ද එවැනිම මුස්ලිම් කාන්තාවකි. ඇය සූදු පොළවල් පවත්වාගෙන යමින්, සූදුවල නිරත වෙමින්, භාණ්ඩ උගස් ගනිමින් සහ පොලියට මුදල් දෙමින් සිටි තැනැත්තියකි. මුස්ලිම් ආගමට අනුව එය නීති විරෝධී වැඩක. එහෙත් ආගම පසෙක තබා ඇය එවැනි වැඩ කිසිදු බයක් සැකක් නොමැතිව සිදු කරගෙන ගියාය.

ඇය මුස්ලිම් ආගමට එරෙහිවෙමින් සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වූ එක් මුස්ලිම් කාන්තාවක් පමණි. තවත් එවැනි කාන්තාවන් බොහෝදෙනකු මාලිගාවත්ත, දෙමටගොඩ, මට්ටක්කුලිය සහ කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිටිති. මුස්ලිම් කාන්තාවන්ට පමණක් සීමා වූ සුදු පිටි මෙම ප‍්‍රදේශවල බහුලව තිබේ. එවැනි සුදු පිටිවල දිනපතාම පාහේ මුස්ලිම් කාන්තාවෝ සූදු කෙළියේ යෙදෙති. තවද මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකුණන මුස්ලිම් කාන්තාවෝ ද සිටිති. එයට අමතරව මුදලට ශරීරය විකුණන සහ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන මුස්ලිම් කතුන් ද සිටිති. මේ සියල්ල මොවුන් සිදු කරන්නේ සමාජයට හොර රහසින්ය.

මියගිය ෆතුමා සහ ජීවත්වන ෆාතිමාලා රටට කියන කතාව

මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ගේ ආගම අනුව සාමාජික හෝ බාහිර කි‍්‍රයාකාරකම් වලට සහභාගී විය නොහැක. අඩුම තරමින් නිදහසේ තමන් කැමති ඇඳුමක්වත් ඇඳීමට නොහැකිය. ඒ තරම් ඔවුන්ගේ ආගමෙන් කාන්තාවන්ට නීති රීති වැඩිය. එහෙත් වර්තමානය වන විට බහුතරයක් මුස්ලිම් කාන්තාවෝ එම නීතිරීති පසෙක දමා තමන්ට රිසිසේ ජීවත් වීමට පුරුදු වී සිටිති. එහෙත් ඔවුන් ඒ බව සමාජයෙන් වසන් කිරීමට උත්සාහ කරති. නීති විරෝධී වැඩ සිදු කරන මුස්ලිම් කාන්තාවන් අතර තම ආගමට පිටුපා නිදහස සොයා යන මුස්ලිම් තරුණියන්ද සමාජයේ දක්නට ලැබේ. එයට හොඳම උදාහරණය වන්නේ පසුගියදා දෙමව්පියන්ට හොර රහසේ නිවසින් පැන ගිය මුස්ලිම් තරුණියන් තිදෙනාගේ කතාවයි. නර්තන ශිල්පිනියන් වීමේ ආශාවෙන් රත‍්‍රං බඩු උගස් කර මුදල් ගෙන ගවුම්, කලිසම් වැනි තමන් කැමති ඇඳුම් මිලදීගෙන පර්දාව පසෙකලා එම ඇඳුම්වලින් සැරසී දින කිහිපයක් නිවසෙන් පිට සිටි එම මුස්ලිම් තරුණියන් සමාජයට කියා පාන්නේ ආගමෙන් පිට නිදහසක් තමන්ට අවශ්‍ය බවයි. මෙරට පමණක් නොව අරාබිකරයේ මුස්ලිම් කාන්තාවන්ද ආගමින් පිට නිදහසක් සොයා අරගලවල පවා යෙදෙති. එම නිසා සමහර මුස්ලිම් තරුණියන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා දක්නට ලැබේ. ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වුවත් සමහර මුස්ලිම් තරුණියෝ අරගල නවත්වා නොමැත. දිගටම සිදුකරගෙන යති. ඒ තම ආගමෙන් පිට නිදහස් පතාගෙනය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment