මියන්මාරයේ ආචාර්ය අශීන් ඥානිස්සර හිමිගෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් 10,000 ක පරිත්‍යාගයක්

144

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්‍ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි 2022 සැප්තැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත ඇ. ඩො. 10,000 ක (ඇමරිකානු ඩොලර් දස දහසක්) (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,679,200/=) මුදලක් පරිත්‍යාග කළේය.

මෙම මූල්‍ය පරිත්‍යාගය සිටගු සයදාම් හි අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමියන් විසින් යැංගොන් හි පිහිටි සිටගු ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ දී මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි. තානාපතිවරයා මියන්මාරයේ උප සංඝරාජ ස්වාමීන්‍ද්‍රයන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මෙම පරිත්‍යාගය පිරිනමන ලදි. මෙම පරිත්‍යාගය භාරගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙවැනි දුෂ්කර අවස්ථාවක් හමුවේ ශ්‍රී ලංකාව වෙත ඇ. ඩො. 10,000 ක මුදලක් පරිත්‍යාග කරමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් මියන්මාරයේ අතිපූජ්‍ය ආචාර්ය සංඝරාජ ස්වාමීන්‍ද්‍රයන් වෙත සිය අවංක ස්තුතිය හා කෘතවේදීත්වය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment