මියන්මාරයේ සරසවි සිසුන් 7කට මරණ දඬුවම පනවයි

641

රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් මියන්මාරයේ විශ්වවිද්‍යාල සිසුන් 7 දෙනකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී රජයට අයත් ග්ලෝබල් ට්‍රෂෙර් බැංකුවේ කළමනාකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට මෙම කණ්ඩායම සම්බන්ධ බවට චෝදනා එල්ල වීම නිසා මෙලෙස මරණ දඬුවම ලබා දී ඇත. කෙසේ නමුත් දාගොන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසන්නේ හමුදා ආණ්ඩුව සිසුන්ගෙන් පළිගන්නා බවයි. එසේම රටේ සමස්ත නීති පද්ධතියම බිඳවැටීම පෙන්නුම් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment