මියන්මාර් හමුදාවට බිය නොවූ යකඩ ගැහැනිය සූකී

325

අවුන් සුකී යකඩ ගැහැනියකි’ හමුදා නායකයන් ඇයට කුමන බාධක පමුණුවනු ලැබූවත් ඇගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට නොහැකි විය’ 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත් අවුන් සුකීට මියන්මාර් ජනතාවගේ ප‍්‍රසාදය තවදුරටත් හිමි වී ඇත

 කොරෝනා නීතිරීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් මියන්මාර් හමුදා රජය හිටපු නායිකා අවුන් සුකීට වසර හතරක සිරදඬුවමක් නියම කර ඇත’ 2020 නොවැම්බර් මස පැවැති මැතිවරණයෙන් ජයගත් අවුන් සුකී 2021 පෙබරවාරි 1 දා හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහර කර අත්අඩංගුවට ගනු ලැබීය’ 2021 දෙසැම්බර් 6 දා ඇයට තවත් අමතර චෝදනා ගොනු කිරීමට හමුදා පාලකයෝ ක‍්‍රියා කළහ’ නොබෙල් ත්‍යාගයද හිමිකර ගත් අවුන් සුකී නිවාස අඩස්සියේ රඳවා ගැනීමටද හමුදා පාලකයන් ක‍්‍රියා කළත් ඇය සැළුනේ නැත’ 1996 නොවැම්බර් 9 දා ඇය තම ආධාරකරුවන් සම`ග සැන්ගුප් අගනුවර ගමන් කරන අවස්ථාවේ ඇගේ රථ පෙළපාලියට 200 කට අධික පිරිසක් ප‍්‍රහාර එල්ල කළා’

 ඇගේ මෝටර් රථයටද බරපතළ හානි සිදුවිය’ මේ පහරදීම සිදු කළේ යූ එස් ඞී ඒ සංවිධානයේ කි‍්‍රයාකාරීන් බවත් ඔවුන්ට ඩොලර් 50 බැගින් ගෙවා තිබූ බවත් පසුව වාර්තා වේ’ වසර 15 ක් තිස්සේ නිවාස අඩස්සියේ සිටි මියන්මාර් නායිකාව හමුදාවට බලය පවරා දෙන ලෙස කළ ඉල්ලීම එකහෙළා ප‍්‍රතික්‍ෂේප කළාය’ කලින් බුරුමය ලෙස හඳුන්වනු ලැබූ අවුන් සූකීට සිදු කරන හිරිහැර ජාත්‍යන්තර ප‍්‍රජාවේ දෝෂ දර්ශනයට ලක් විය’ වරක් ඇයට රාජද්‍රෝහි චෝදනාව එල්ල විය’ පසුගිය මැතිවරණයෙන් සියයට 80 ක ආසන සංඛ්‍යාවක් හිමිකරගත් අවුන් සුකී මියන්මාරයට එල්ල වී තිබූ යුද අපරාධ චෝදනා ගැන නෙදර්ලන්තයේ හේක් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිට සියලූ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වූවාය’ අවුන් සුකී යකඩ ගැහැනියකි’ හමුදා නායකයන් ඇයට කුමන බාධක පමුණුවනු ලැබූවත් ඇගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට නොහැකි විය’ 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත් අවුන් සුකීට මියන්මාර් ජනතාවගේ ප‍්‍රසාදය තවදුරටත් හිමි වී ඇත’ මේ අතර හමුදා පාලකයෝ ඇගේ දේශපාලනය අහෝසි කිරීමේ අරමුණින් ඇයව නිදහස් කිරීමට එක`ග වූයේ කොන්දේසි මතය’ ඒ ඇය මියන්මාරයෙන් පිටව ගියොත් ආපසු මියන්මාරයට නොඑන බවට ප‍්‍රතිඥා දුන්නොත් පමණි’ එහෙත් ඇය එම කොන්දේසිය ඉවත දැමුවාය’ මියන්මාර් හමුදා පාලකයෝ මෑතකදී ඇය වෝකි ටෝකි 4 ක් නීති විරෝධීව නිවසේ තමාගත් බවට චෝදනාවක් එල්ල කළාය’ ඉන්පසු රටේ සාමය කඩා කප්පල් කිරීමට ඇය ක‍්‍රියා කරන බව හමුදා පාලකයෝ පැවසූහ’ මේ පසුබිම මැද හමුදා පාලකයෝ මියන්මාරයට කොටු වී ඇත’ ඔවුන්ට සිදු වී ඇත්තේ ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ මුහුණ දීමටය’ ජාත්‍යන්තර අධිකරණය හමුවේ හමුදාවට එරෙහිව නඩුවක්ද ගොනු වී තිබේ’


 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment