මියන්මාර අධිකරණයෙන් ජපන් සිනමාකරුවකුට වසර 10 ක සිර දඬුවමක්  

177

ආණ්ඩු විරෝධී රැලියක් ආසන්නයේ සිටියදී අත්අඩංගුවට පත් ජපන් වාර්තාමය සිනමාකරුවකු වූ කුබෝටා හට මියන්මාර ජුන්ටා හමුදා පාලනය විසින් ඉකුත් සතියේදී වසර 10ක සිර දඬුවමක් ලබා දීමට මියන්මාරයේ අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

මෙසේ සිර දඬුවම් ලබා දී ඇති 26 හැවිරිදි වියෙහි පසුවන ජපන් වාර්තාමය සිනමාකරුවකු වන ටෝරු කුබෝටා හට ජනතාව උසි ගැන්වීමේ චෝදනාව මත අධිකරණය විසින් වසර 03 ක සිර දඬුවමක් නියම කර ඇති අතර විද්‍යුත් මාධ්‍ය නීති උල්ලංඝනය කිරීමේ වරදට වසර 07ක සිර දඬුවමක් ලබා දී තිබේ. මියන්මාර හමුදාවන් විසින් කුබෝටා ව ඉකුත් ජුලි මාසයේදී එරට අගනුවර වන යැන්ගොන් නගරයේ පැවති රාජ්‍ය විරෝධී රැලියක් ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන්ද වාර්තාමය වැඩසටහනක් කර ඇති කුබෝටාට එරෙහිව අසල්වැසි තායිලන්තයේ සිට මියන්මාරය වෙත පැමිණීම සඳහා සංචාරක වීසා භාවිත කිරීම සම්බන්ධයෙන් ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවක් ද හමුදා පාලනය විසින් එල්ල කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment