මියන්මාර රූ රැජිනට කැනඩාවේ රැකවරණය

544


2021 වසරේ තායිලන්තයේ පැවැති රූ රැජින තේරීමේ තරගාවලියකදී රූ රැජින ලෙස කිරුළ පැළඳි මියන්මාර ජාතික හෑන් ලෙයි මියන්මාරයේ වර්තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකි වීම නිසා ඇයට රැකවරණය දීමට කැනඩා බලධාරීන් කැමැත්ත පළකර ඇත.
ඒ අනුව ඇය ඊයේ දකුණු කොරියානු ගුවන්සේවයට අයත් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment