මියයන මොහොතේ සිතට නැගෙන සිතුවිලි

669

පුද්ගලයකු මියයෑමට මොහොතකට පෙර තම ජීවිතය තුළ සිදු වූ සිදුවීම් එකිනෙක මතකයට නැෙ`ගන බව බුදු දහමේ සඳහන්ව ඇති කරුණ බටහිර පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකදී තහවුරු කරගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ලූයිස්විල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් අපස්මාරයෙන් පෙළෙමින් සිට මියගිය 87 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයකුගේ මොළයේ තරංග පිරික්සීමෙන් මෙසේ පුද්ගලයකු මියයෑමට තත්පර 30කට පෙර සිය දිවිය තුළ සිදු වූ සිදුවීම් සිහිනයක් මෙන් නැවත ආවර්ජනය වීමක් සිදුවන බව අනාවරණය කරගෙන තිබේ.

 මෙසේ ජීවිතයේ සිදු වූ සිදුවීම් ආවර්ජනය වීම මියයෑමට තත්පර 30කට පෙර මෙන්ම මියයෑමෙන් තත්පර 30කට පසුද සිදුවන බව එස්ටෝනියානු ජාතිකයකු වන අදාළ රෝගියාගේ මියයෑමට පෙර හා මියයෑමෙන් පසු මොළයේ තරංග පටිගත කිරීමෙන් සොයාගත් බව ‘‘ෆ්රන්ටියර්ස් ඉන් එජින්’’ නමැති සඟරාවේ පළ කර ඇති අදාළ පර්යේෂණයට අදාළ පර්යේෂණ පත‍්‍රිකාවේ සඳහන් කර තිබේ. අදාළ විද්‍යාඥයන් පිරිස ඉහත කී රෝගියාගේ මොළයේ තරංග පටිගත කරමින් සිටියදී ඔහු දරුණු හෘදයාබාධයකට ගොදුරු වීමෙන් මියගොස් ඇත. අනතුරුව ඔහු මියයෑමට පෙර හා මියයෑමෙන් පසු මොළයේ තරංග පිරික්සීමේදී ඒවා එකම රටාවකට ගමන් කරමින් සිය දිවියේ සිදුවීම් ආවර්ජනය කිරීමක් සිදු කර ඇති බව හඳුනාගෙන තිබේ. මෙය පුද්ගලයකුගේ මොළය මියයමින් පවතින අවස්ථාවේදී සිදු වන්නේ කුමක්දැයි පැහැදිළි කරගැනීමට හැකි වූ පර්යේෂණයක් බව මෙම පර්යේෂණ පත‍්‍රිකාවේ සම කර්තෘවරයකු වන වෛද්‍ය අජ්මාල් සේමර් පවසයි.

 ඒමන්ති මාරඹේ

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment