මියුරු සත්සර රාවයන් සිත්තම් කරන සොඳුරු සංගීතඥයා ඉන්ද්‍රජිත් මිරිහාන

152

අක්ෂර වෙනස්ම ප්‍රසංග මාලාවක්…..
වැඩිම ගීත ප්‍රමාණයක් සංගීත අධ්‍යක්‍ෂණය කළේ ඩබ්ලිව්. ඩී. ආරියසිංහයන්ට

අද දවසේ අපේ කතානායකයා වරෙක අතිදක්ෂ ඕගන් වාදන ශිල්පියෙක් තවත් වරෙක සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම දක්ෂ සංගීත සංයෝජකයෙක්. ඒ සියල්ල පරයා අද අපට ඔහුව මුණ ගැසෙනුයේ ලංකාවෙන් එතෙර ඈත දියඹ සිසාරා ගිනිකොණ දිශාවෙන් පිහිටි ඔස්‌ට්‍රේලියාවේ ද මෙරට ප්‍රසංග සංවිධායකවරයකු හැටියටය. හේ නමින් ඉන්ද්‍රජිත් මිරිහානය.

ඔහු මුලින්ම කලාවට අත්පොත් තබනුයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් සහ ජාතික රූපවාහිනී සංස්ථාවෙනි. ඔහු ජාතික රූපවාහිනී සංස්ථාවේ විවිධ සංගීතමය වැඩසටහන්වල විදුලි ඕගන් වාදකයකු වශයෙන් ද කටයුතු කළේය. පසු කලෙක ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

මියුරු සත්සර රාවයන් සිත්තම් කරන සොඳුරු සංගීතඥයා ඉන්ද්‍රජිත් මිරිහාන

පසු කලෙක ඔහු ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ප්‍රසංග රැසක් ඔස්‌ට්‍රේලියාවේ සංවිධානය කරමින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත. ඔහු 2015 වසරේ සුවිශේෂී ප්‍රසංගයක් ඔස්‌ට්‍රේලියාවේදී සංවිධානය කරනු ලබනවා. ඒ හෙළයේ මහා ගාන්ධර්වයා නම් වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේය. එවකට අමරදේව සූරීන්ට ප්‍රසංග රැසකට ආරාධනා ලැබුණත් භාර නොගත් අමරදේවයන් ඉන්ද්‍රජිත් මිරිහානගේ ආරාධනාව භාර ගන්නේ හදපිරි සතුටිනි. එම ප්‍රසංග මාලාව අවසානයේ “සසර වසන තුරු” නමින් පැවැත්වීය.

එතැනින් නොනැවතුණු ඔහු ප්‍රවීණයන්ගේ ගීතවලට ද සංගීත අධ්‍යක්ෂණය සිදු කිරීමේ කාර්යයට අත්පොත් තැබීය. ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ “පියමංකර යමු’ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ ද අද දවසේ අපේ කතානායකයාය.

ඔහු මේ ගීතයේ තනුව නිර්මාණය කර ඇත්තේ ද තමන්ටම ආවේණික වූ අපූර්ව භාව පූර්ණ හඬ තුළින් සුවහසක් රසික රසිකාවියන්ගේ හදවත් ස්පර්ශ කළ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ව හිතේ තබාගෙනමය.

මියුරු සත්සර රාවයන් සිත්තම් කරන සොඳුරු සංගීතඥයා ඉන්ද්‍රජිත් මිරිහාන

ඇත්තටම අමරසිරි අයියව ඔළුවේ තියාගෙන තමයි මම මේ සින්දුව හැදුවේ. මේක පටිගත කළේ 2016 වසරේ. ඒත් මේ ගීතය මීට කලින් සිය වරකට වඩා අමරසිරි අයියාගේ හඬින් මම මනසින් අහලා තියෙනවා. මහේෂ් හේවාවිතාරණගේ අරුත්බර වචනවලට අමරසිරි අයියා ගේ භාවාත්මක හඬ මුසු කළ මේ අපූර්ව ගීතය ශ්‍රාවකයන්ට අසන්නට ලැබෙයි. මෙහි ශබ්ද පරිපාලන කටයුතු භාරව කටයුතු කළේ ඉන්වේට් ශබ්දාගාරයේ ශබ්ද පරිපාලක අනුර රණසිංහ යැයි වරෙක ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබේ.

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ එපා නුඹ පායන්න ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ද ඉන්ද්‍රජිත් මිරිහානය. සුනිල් එදිරිසිංහයන්ගේ විලට කොඳ මල්, චන්දන ලියනාරච්චිගේ කඳුළු දුන්න අප්සරාවියේ, සිසිර දිසානායකගේ පෙම් රස, ඩබ්. ඩී. ආරියසිංහගේ වැහි බිංදු වැටී ආදී ගීතවලට ද මොහු සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කර ඇත. ඉන්ද්‍රජිත් මිරිහාන වැඩිම ගීත ප්‍රමාණයක් සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ද ඩබ්. ඩී. ආරියසිංහයන්ටය.

මොහුගේ සුවිශේෂත්වය වන්නේ ප්‍රවීණ සංගීතඥ සමන්ත පෙරේරාගේ රෝස මලක වැළපෙන්නේ ගීතයට ද සංගීතය අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ඉන්ද්‍රජිත්ය.

මියුරු සත්සර රාවයන් සිත්තම් කරන සොඳුරු සංගීතඥයා ඉන්ද්‍රජිත් මිරිහාන

පසුව ඔහුගේ හඬ අවදි කරන්නේ අහසින් ඇවිත් වැස්සක් ගීතයට සංගීතය අධ්‍යක්ෂණය සිදුකරමින් ගායනය ද සිදු කරමින් ඔස්‌ට්‍රේලියානු ආදීවාසීන් වන Aboroginal ජනයා වෙනුවෙන් “මුල් වැසි අඳෝනා” නමින් ආචාර්ය උභයසිරි විජයනන්ද වික්‍රම විසින් රචනා කර ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතවත් කළ ගීතය ගායනය කරනු ලබන්නේ අපට සිටින තාරුණ්‍යයේ දක්ෂ ගායන ශිල්පියකු වන සමන් ලෙනින්ය. ඊට පසුව රියැලිටි වේදිකාවෙන් මෙරට ගායන කලාව වෙනස්ම හැඩයකින් ආමන්ත්‍රණය කළ දුමාලි වර්ණකුල ගායනා කරනු ලබන “කඩදාසි ඔරු” ගීතයට සංගීතය සපයනු ලබන්නේ ද ඉන්ද්‍රජිත්ය. අප ඉහතින් සඳහන් කළේ ඉන්ද්‍රජිත් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ ගීත රැසකින් අතළොස්සකි.

පසුගියදා අප අතරින් සමුගත් ලෙජන්ඩ් ලෙස හැඳින්වූ සුනිල් පෙරේරා නොහොත් ජිප්සීස් ගායක සුනිල් අයියාට ද 2021 වසරේ කළ එස් එම් එස් කරනවා ගීතයට සංගීත අධ්‍යක්ෂණ කාර්යය සිදු කළා.

මියුරු සත්සර රාවයන් සිත්තම් කරන සොඳුරු සංගීතඥයා ඉන්ද්‍රජිත් මිරිහාන

“දැනට මට ඔස්‌ට්‍රේලියාවේ ඉන්වේට් කියලා ස්ටුඩියෝ එකක් තිබෙනවා. ඊට අමතරව මම ඔස්‌ට්‍රේලියාවේ ප්‍රසංග ගණනාවකම සංගීතය අධ්‍යක්ෂණය සිදු කරලා තිබෙනවා. සමහර ප්‍රසංග නිර්මාණය කරන්නේ මගේම අදහසකට අනුවයි. මගේ ඉදිරියට එන්න තියෙන නවතම ප්‍රසංග මාලාව තමයි අක්ෂර. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ මම. අනික මම සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබන ප්‍රසංගවලට ලංකාවේ ඉන්න ප්‍රවීණ ගායක ගායිකාවන් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. අක්ෂර ප්‍රසංගයටත් ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, කුමාරසිරි පතිරණ, අසංක ප්‍රියමන්ත යන ගායකයන් සහභාගි වෙනවා”. 2015 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කරගන්නේ ද ඉන්ද්‍රජිත් මිරිහානය. ඒ මෙත්තාරා වේදිකා නාට්‍යයේ මේ රුදු අඳුරු ලොවේ නමැති ගීතයටය. මෙම ගීතය ගායනය කරනු ලබන්නේ නිශ්ශංක දිද්දෙනිය වන අතර පද රචනය චම්පා බුද්ධිපාලගෙනි. සංගීතය ඉන්ද්‍රජිත් මිරිහානගෙනි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment