මිරිගමදී දුම්රියේ ගැටුණු ටිපර් රථය පාර මැද පෙරළිලා

181

* රියැදුරුට තුවාල

අපරීක්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කළ කළුගල් පටවාගත් ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇති අතර ටිපර් රථයට සහ දුම්රියට දැඩි හානි සිදු වී ඇති බව මීරිගම පොලිසිය පවසයි’

මිරිගමදී දුම්රියේ ගැටුණු ටිපර් රථය පාර මැද පෙරළිලා

ඊයේ (15දා) අලූයම 5’50 ට පමණ දුම්රියක් පැමිණෙන බව හඟවන සීනුව නාද වෙමින් තිබියදී කළුගල් පටවාගත් ටිපර් රථයක් දුම්රිය රේල් පාර හරහා මාරුවීමට ගොස් තිබේ’ එම ස්ථානයේ රේල් ගේට්ටුව භාරව කටයුතු කළ සේවකයා ටිපර් රථය නැවැත්වීමට කටයුතු කළ ද එය නොතකා ධාවනය කිරීමේදී රේල් පාර මැද ටිපර් රථය නතර වීමත් සමගම කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ වැදී ඇත’ අලූයම 4’50 ට පමණ රඹුකක්න සිට කොළඹ කොටුව බලා ධාවනය වූ බලවේග අර්ධ ශීඝ‍්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත’ මෙම අනතුරින් ටිපර් රථය පෙරළී ගොස් තිබූ අතර දුම්රියේ එන්ජිම සහිත කොටසට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව දක්නට ලැබිණි’ මෙම සිද්ධියෙන් ටිපර් රථයේ රියැදුරු තුවාල ලබා ඇති අතර අවට සිටි පිරිස් විසින් ඔහුව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත’ ඔහු මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි’ මෙම අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ රියැදුරත් රියැදුරු අසුනෙන් ඉවත්ව පිටුපසට ගොස් සිටි හෙයින් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බව දුම්රිය ප‍්‍රකාශකයකු පැවසීය’ මෙම අනතුර නිසා දුම්රියන් බොහෝ වේලාවක් ප‍්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ හෙයින් කාර්යාල සේවකයින් විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි’ මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනන්සූරිය මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි’

සුජාතා ජයරත්න – කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment