මිරිස් කුඩු පාලිකාවට ඇප උසාවියෙන් දැඩි අවවාද

561

දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටින නව හැවිරිදි පිරිමි ළමයකුගේ ශිෂ්ණයේ මිරිස් කුඩු අතුල්ලා කෲරත්වට පත් කිරීමේ චෝදනා මත දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම ළමා නිවාසයේ පාලිකාව රුපියල් ලක්‍ෂ 02ක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා 16 වැනිදා නියම කළේය.

මරඳගහමුල, හේන්පිටගෙදර ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන එස්. නිලූකා නිල්කුමාරි නමැති එක් දරු මවක් මෙසේ ඇප මත මුදා හැරුණි.

නීතීඥ මහතාගේ කරුණු දැක්වීම මත මෙසේ ඇප නියම කරන බව පැවසූ මහෙස්ත‍්‍රාත්වරයා මෙවැනි නොමනා ක‍්‍රියාවන් සිදු නොකරන ලෙස සැකකාරියට අවවාද කෙරුණි.

පිරිමි දරුවා රාත‍්‍රි කාලයට නිදි ඇඳේ මුත‍්‍රා කරන හෙයින් සැකකාරිය දරුවාව නාන කාමරයකට රැගෙන ගොස් කලිසම පහත් කර කෝප්පයක තිබූ මිරිස් කුඩු සැකකාරියගේ අතට ලන්ච් සීට් එකක් දමාගෙන දරුවාව බිය කරමින් දරුවාගේ ශිෂ්ණයේ අතුල්ලා ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

මෙම ළමා නිවාසය නාවල ප‍්‍රදේශයේ පදිංචි යුවළක් විසින් තම ධන පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන්නකි. මෙම ළමා නිවාසයේ අධිකරණ නියෝග මත දරුවන් 09 දෙනෙකු ද දෙමාපිය කැමැත්ත මත පිරිමි සහ ගැහැනු දරුවන් 14 දෙනෙකු සිටින බවට අධීකරණයේදී සඳහන් විය. දිවුලපිටිය පොලිසියේ උ. පො. ප. සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය. නීතීඥ දිසානායක මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතීඥ සරල කරුණාරත්න මහතා සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment