මිරිස් ගසා රන් කොල්ලකන 05ක් දැලේ

229

කාන්තාවන්ගේ මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකෑම් සහ ව්‍යාපාරික ස්ථානවල යතුරුපැදි සහ භාණ්ඩ සොරකම් කිරීම සිදුකල කළුතර’ සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු’ අත්අඩංගුවට ගැනීමට’ කළුතර දකුණ පොලිසිය සමත්ව ඇත.

කළුතරල පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් පස්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව’ පොලිසිය කීය.

සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ’ සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බවත්ලව්‍යාපාරික ස්ථාන වල ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment