මිරිහානේදී අත්අඩංගුවට ගත්අයට බලපාන නීතිය

565


මිරිහානේදී ඊයේ රාත‍්‍රී ඇතිවූ විරෝධතාවය අතර කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයිනට එරෙහිව කටයුතු කරන්නේ දණ්ඩනීති සංග‍්‍රහයේ පොදු දේපොළ පනත යටතේ බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ක‍්‍රියා නොකරන බවද පවසයි.මේ අතර මෙම විරෝධතාවය අතර සිදුකළ වාහන සහ දේපොළ හානිවල වටිනාකම රුපියල් මිලියන 39ක් පමණ වන බවද සඳහන් කරයි.මේ වන විට පුද්ගලයින් 53 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment